ඝාතනයට ලක්වු කෂෝගීගේ පුතාට තිබු සංචාරක තහනම ඉවතට

2018-10-28 05:34:00       616
feature-top

සිය පියා වන මාධ්‍යවේදී ජමල් කෂෝගීගේ ඝාතනයෙන් පසු සෞදියේ ඔටුන්න හිමි කුමරු මුණගැසුණු ඔහුගේ පුත්‍රයා ඇමෙරිකාව බලා පිටත්ව ගොස් ඇත.

සෞදි අරාබිය විසින් ඔහුගේ සංචාරක තහනම ඉවත් කිරිමෙන් අනතුරුව ඔහු මෙලෙස අමෙරිකාව බලා පිටත්ව ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ජමල් කාෂෝගී ගේ ඝාතනයෙන් පසු ඔහුගේ වැඩිමහල් පුත්‍රයා වන සාලා කෂෝගී පසුගියදා සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු මුණගැසී සාකච්ඡා කළේය.

මෙම සාකච්ඡාවට එරට මාධ්‍ය මඟින් විශාල ප්‍රචාරයක් ලබාදී තිබුණි.

සෞදියේ වත්මන් පාලනය දැඩි ලෙස විවේචනය කරමින් වාර්තා පල කළ ජමල් කාෂෝගී පසුගියා ස්තාන්බුල්හි  සෞදි තානාපති කාර්යාලයේදී ඝාතනයට ලක් වුණි.


(under the courtesy of adaderana.lk news web)

More News »