ගෝඨා පෙරමුණ ගනියි

2019-11-17 09:24:00       695
feature-top
2019 ජනාධිපතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරමුණ ගෙන තිබේ.

ඒ 1,431,245 ක සමස්ත ඡන්ද සංඛ්‍යාවක් හිමි කර ගනිමිනි.

මෙය මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 47.77% කි.

මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 1,368,384 ක් වන අතර එය මෙතෙක් නිකුත් කර ඇති ඡන්ද ප්‍රමාණයෙන් 45.67% ක් ලෙසින් වාර්තා වේ.

ජාතික ජනබලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 94,231 ක් වාර්තා කරමින් මෙම ලැයිස්තුවේ තෙවැනි තැනට පත් ව සිටියි.

මෙය 3.28%ක ඡන්ද ප්‍රතිශතයකි.

මේ වන විට යාපනය, වන්නි හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන්හි සමස්ත දිස්ත්‍රික් ප්‍රතිඵල ප්‍රකාශයටපත් කර අවසන්.


(under the courtesy of adaderana.lk news web)

More News »