කෑගල්ලේ දේශපාලනය උඩු යටිකුරු වන ලකුණු..

2020-02-12 11:34:00       767
feature-top
මෑතකදී කරන ලද සමීක්ශනයකට  අනූව කෑගල්ල දිස්ත්‍රික්කයේ පෙරමුනටම පැමිනීමේ වැඩි සම්භාවිතාවක්  දූස්මන්ත මිත්‍රපාල මහතාට ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයාගේ සංකල්පයකට  අනූව දූෂනයෙන්  තොර පිරිසිදූ උගත් බුද්ධිමත් පුද්ගලයන් පාර්ලිමේන්තුවට යැවිය යුතු බව රටේ ජනතාව අතර මතයක් නිර්මානය වෙමින් පවතී . මේ අනුව තමාගේ දිස්ත්‍රික්කයේ ‍යැවිය යුතු පුද්ගලයන් පිලිබදව මේවන විටත් කතිකාවතක් නිර්මානය වෙමින් පවතී.

එසේම බිම් මට්ටමින් ජනතාව හමුවී ඔවුන්ගේ ගැටලු සොයාබලන , ජනතාවට වඩා සමීප නායකයකු පත්කල යුතු බව වැඩි දෙනාගේ මතය වී ඇත. ජනාධිපතිවරයා ජනතාව අසලටම ගොස් ජනතා ගැටලු වලට සවන් දෙද්දී සදලුතල වල සිට දේශපාලනය කරන ජනතා නියෝජිතයන් ප්‍රතික්ෂේප  කරන ප්‍රවනතාවක්  දැන් රටතුල නිර්මානය වෙමින් පවතී.




More News »