ඔන්ලයින් ගේම් එක මැද දරු උපතක්

2015-05-21 05:08:00       681
feature-top
24 හැවිරිදි ගර්භණී කාන්තාවක් අන්තර්ජාල පරිගණක ක්‍රීඩාවක යෙදී සිටි අතරතුරේ දී තම දරුවා බිහි කල පුවතක් චීනයෙන් වාර්තා වනවා.

අන්තර්ජාල සේවා මධ්‍යස්ථානයක් තුල දී මෙම දරු උපත සිදු වී ඇති අතර, දරුවා බිහි කිරීමෙන් පසු, දරුවා පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වා, ඇය පරිගණක ක්‍රීඩාවේ ඉතිරි කොටස ක්‍රීඩා කර ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.


එම ස්ථානයේ රැඳී සිටි, මෙම සිදුවීමෙන් කම්පනයට පත් වූවන් කිහිප දෙනෙකු එක් වී ළදරුවා රෙදි කැබලි වලින් ඔතා, අවශ්‍ය සෞඛ්‍ය සේවාවන් අමතා තිබෙනවා

More News »