කෙල්ලො චපලයි, එතකොට කොල්ලො..?

2015-06-03 11:07:00       677
feature-top
කොයි කවුරුන් කුමක් කළත් ඔවුන් සම්බන්ධයෙන් වැරදි මතයක් සමාජගත වී තිබෙනවාම ය. ගුරුවරයෙක්, වෛද්‍යවරයෙක්, පොලිස් නිලධාරියෙක්, හෙදියක්, ග්‍රාම නිලධාරීවරයෙක් ආදි වෘත්තීන් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොර ව නියෝජනය කරයි. එහි දී පුරුෂ පාර්ශවය සඳහා වෙනමත් ස්ත්‍රී පාර්ශවය සඳහා වෙනමත් යම් යම් කතා ගෙතී තිබේ.

 

"අපෝ එයාලා හොඳ නෑ සල්ලි විතරයි හොයන්නේ", "ඒ මිනිස්සු මහ එපා කරපු අය", "රට කන්නේ උන්" වැනි දේවලින් ඔවුන් වර්ග කරයි. එය එසේ සිදුවන්නේ ඇතැම් විට එක් අයෙක් හෝ කිහිප දෙනෙක් විසින් සිදු කරන ක්‍රියා නිසාවෙන් විය හැකි ය. කෙසේ හෝ එවැනි දෙයක් පට බඳින්නේ තමන්ට ඇති අත්දැකීම් පසුතලය අනුව ද විය හැකි ය.

 

කෙල්ලෙක් හෝ වේවා කොල්ලෙක් හෝ වේවා ඔවුන් දෙපිරිසම විටෙක චපල වෙයි. ඔවුන් චපලවීමට විවිධ කරුණු බලපානු ලබයි. ඊට ආසන්න ප්‍රධාන හේතුවක් ලෙස බිඳී ගිය පෙම් සබඳතාවය පෙන්වා දිය හැකි ය. දෙන්නෙක් love කරන්න පටන් ගන්නවා. නිකං නෙවෙයි, සෑහෙන්න serious විදිහට තමයි මේක කරන්න පටන් ගන්නේ. දෙයියනේ කියලා ඔන්න facebook එකෙත් in a relationship with 'අරයා', 'මේයා' කියලා අන්තර් ජාතික වශයෙන් ඒක නිවේදනය කරලා, අද අරයගේ අතින් ඇල්ලුවා. ඔන්න අද තමයි පළවෙනි හාද්ද දුන්නේ වගේ දේවලුත් මේ facebook status තුළින් සමාජගත කරලා හැමෝටම පේන්න ආදරේ කරනවා.

 

කාලයක් එක්ක ඔහොම කාලේ ගත වෙනකොට නැති ප්‍රශ්න රැසක් මතු වෙනවා, නොගැළපෙන බව වැටහෙනවා. ඔන්න දෙන්නා කතා කරගෙන නැත්නම් මහා ගැටුමකින් වෙන් වෙන්න තීරණය කරනවා. කොච්චර හොඳින් වෙන් වෙන්න හැදුවත් අවසානයේ පණ මෙන් කලකට පෙර ආදරේ කළ එම පෙම්වතුන් එකිනෙකා නයි වෛරයෙන් පසුවීමට පටන් ගනී.

 

ඊට පස්සේ තමයි game එක පටන් ගන්නේ. ඔන්න කොල්ලා කෙල්ලගේ නැති වැරදි කියන්න පටන් ගන්නවා. කෙල්ලත් එහෙමම තමයි. හැබැයි මේ හැමදේම වෙන්නේ විරසක වී වෙන් උනාට පස්සේ වෙන එක තමයි පුදුමේ. මොක ද යාළු වෙනකල් ඔහු හෝ ඇය තරම් වටිනා උගත් බුද්ධිමත් ලස්සන තවත් කෙනෙකු නොමැති බවින් ක්‍රියා කරයි. ගුණ ම වවර්ණනා කරයි. පස්සේ පස්සේ ඇතිවන අඩදබර, වදන් හුවමාරු දුරදිග යනවා. ඇතැම් විට බලනකොට ඉතාම සුළු සිදුවිම් පාදක කරගෙන ජීවිතය සම්බන්ධයයෙන් නොසෑහෙන දැඩි තීරණ ගැනීමට බොහෝ දෙනෙක් ක්‍රියා කරනවා.

 

මේ විනාඩියේ වෙන දේ නෙවෙයි ඊගාව විනාඩියේ සිදු වෙන්නේ, තවකෙක් දැන් කියන දේ හෝ දැන් කරන දේ නෙවෙයි තව ස්වල්ප මොහොතකින් කරන්නේ. එය මහා අමුතු ක්‍රියාවක් වුව ද මිනිසුන්ට වෙනස් වෙන්න ගතවන්නේ ක්ෂණයකි. පණට පණ මෙන් සිටි බොහෝ දෙනෙක් ඇතැමෙකුගේ මුසා බසක්, වැරදි බැල්මක් වැනි ඉතාම සුළු සිදුවීම් පාදක කර ගනමින් දැඩි තීරණ ගනී. facebook status දාලා ආදරේ කරනවා කියන කාරණය වැරදී, නුසුදුසුයි, කියන්න හදන උත්සායක් නෙවෙයි මේ. එහෙත් රටට ලෝකෙට අණබෙර ගහලා ඒ වගේ පෙම් පලහිලව්වක් පටන් අරං ඒක නැති උනහම මොකද්ද වෙන්නේ කියනෙක හිතන්න පොඩ්ඩක්. සියළු ඥාතී හිතමිත්‍රාදීන්ට ආරාධනා කර දෝලාවෙන් පැමිණ විවාහ වී දින කිහිපයකින් දික්කසාදවන බහුතරයක් සිටින මේ රටේ පෙම් සබඳතාවයක් බිඳී යාම අති සරළ සිදුවීමකි.

 

එවන් විරසකවීමකින් අනතුරු ව බොහෝ විට කොල්ලා කෙල්ල ගැන කියන දේවල් ඇහුවම ඒ කෙල්ලට පාරේ තොටේ බැහලා යාමට හෝ නොහැකි තත්ත්වයක් උද්ගත වෙයි. එය පිරිමි පක්ෂයට කියා ද වෙනසක් නොමැත. කෙල්ලන් ද දන්න දන්න සියළු දෙනා සමගින් අර කොල්ලාගේ චරිතය ඝාතනය කරයි. අපෝ ඔය කොල්ල නම් හොඳ ම නෑ. යන යන තැන කෙල්ලෝ ඉන්නවා. දකින දකින එකීට try කරනවා වගේ දේවල් කියනවා. ඒවා ඒ ඒ අයගේ අත්දැකීම් පසුතලය අනුව විවිධ දේ එක් කිරීමට වග බලා ගනී.

 

කරුණු කාරණා කෙසේ වුව ද කවුරුන් හෝ වැරදි යැයි දෙයක් සිදු කරන්නේ නම්, ඒ ඔහු හෝ ඇය නිසි මගට වැටෙනතුරු පමණි. බොහෝ විට බිඳී ගිය පෙම් සබදතාවයකින් පසුව එකිනෙකාට නිතර බැණ වදිමින් එකෙකුට එකෙකු පෙන්වීමට බැරි තරමු වූ තත්ත්වයකට පත් වෙයි. එහි දී සිතේ ඇති කේන්තිය, දැඩි කලකිරීම සහ බිඳී ගිය පෙම් සබඳතාවය අමතක කර දැමීමට තවත් පිටස්තර පුද්ගලයෙකු සිය ජීවිතයට ළං කර ගන්න බොහෝ දෙනෙක් පෙළඹෙන්නේ නිරායාසයෙනි. එවැනි තත්ත්ව හමුවේ බොහෝ දෙනෙකුට සිදුවන්නේ රෑ වැටුණ වලේ දවල් වැටීම වැනි සිදුවීමකි.

 

බොහෝ විට කෙල්ලෙක් නම් තමන්ගේ අත්දැකීම්, ආදරය කළ ආකාරය, ආදි බොහෝ දේ නව පෙම්වතාට පවසයි. එවිට හමුවන නව පෙම්වතා යහපත් අයෙකු කම් නැත. එහෙත් වැරදි කෙනෙක් අසල අදාල තරුණිය නතර වූයේ නම් ඇයට සිදුවන්නේ කලින් ඉරණම පරයා යන දැඩි වේදනාකාරී සිදුවීම්වලට මුහුණ පෑමට ය. නව පෙම්වතා පෙර වූ පුද්ගලයාගෙන් වූ වැරදි අඩුපාඩු හොඳින් වටහාගෙන බොහෝ විට තරුණියට ළංවයි. එසේම තමාගේ පාලුව දුක බෙදා ගන්න ළංවෙන පුද්ගලයින් බොහෝ විට තමන්ගේ සතුට රැගෙන බොහෝ දුරකට පළා යාම අද වනවිට සුලභ සිදුවීමකි.

 

එසේ මුණ ගැසෙන පෙම්වතුන් රති සුව විඳීම සමාන්‍ය සිදුවීමක්ලා සිතා කටයුතු කරන අතර ඔවුන් ඉන් නොනවති. එහි දී බොහෝ විට සිදුවන සිදුවීමක් ලෙස නිරුවත් ඡායාරූප ගැනීම පෙන්වා දිය හැකි ය. විරසකවීමෙන් අනතුරු ව එය ප්‍රභල ආයුධයක් කර ගැනීමට බොහෝ දෙනෙක් කටයුතු කරයි. කෙල්ලො මෙහෙමයි, කොල්ලෝ අරෙහෙමයි කියලා කොතෙක් දෙනෙක් වර්ග කළ ද ඒ සියළු දෙනා ම එක හා සමානයි යනුවෙන් සඳහන් කළ හැකි ය. ඔවුන්ගේ ජීවිතවලට කවර ඉරණමක් අත් වුව ද කෙල්ලන් චපලවීමටත්, එක කොල්ලට කෙල්ලෝ දෙතුන් දෙනා සිටීමටත් හේතු රැසක් බලපායි.

 

සෑහෙන්න හිතට අරං ආදරේ කරලා ඒ ආදරේ බිඳී විසිරී යාමෙන් අනතුරු ව බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි අපෝ ආය නම් කොල්ලෝ එපා, කොල්ලෝ එපා, මම නම් කවදාවත් කසාද නම් බඳින්නේ නෑ කියන කතා. බොහෝ විට එය අඩු වයසින් වැඩි වයසේ දේ අත්හදා බැලීමට ගිය අයෙකු පවසන්නක් විය හැකි ය. ඒ කතාව කොතරම් අසාර්ථක ද? එලෙස කියන පුද්ගලයින් දෙස බැලූ විට ඔවුන්ගේ නිසි වයස ආ විට ඔවුන් ඉතා ප්‍රීතියෙන් විවාහ වෙයි. එය හොඳයි. එහෙත් එක් අයෙකු දෙන්නෙකු කරන වරදක් හේතුවෙන් බහුතරයක් හොඳ නෑ, හරි නෑ යනුවෙන් වර්ග කිරීම යුක්ති සහගත ද?

 

බොහෝ අවස්ථාවල දී කාන්තා පාර්ශවය චපල යැයි නම් කිරීම අති ජනප්‍රියයයි. ඔවුන් එසේ හැසිරීමට හේතු තිබේ. ඒ අතර කෙල්ලෙක්  කොල්ලෙක් ආදරෙ කරන්න ළං වෙනකොට ටිකක් ඈතින් තමයි ඉන්නේ. එහෙම ඉඳලා ආදරේ කරන්න ගත්තම කාටවත් ඒක නතර කරන්න බැරි විදිහට එයාලගේ (කෙල්ලන්ගේ) ආදරය මුළු ආත්මය ම බවට පත් කර ගන්නවා. එහෙත් ඒ ආදරේ කරන කාල සීමාව තුළ පමණි. ඔන්න ඕක කොල්ලා තේරුම් ගන්නේ නෑ. හැබැයි ඒ කොල්ලෝ ආදරේ නැතුව නෙවෙයි. කෙල්ල ආදරේ කරන තරම්ම කොල්ලත් ආදරේ කරයි කියලා කෙල්ල බලාපොරොත්තු වෙනවා. ඒත් කොල්ල එහෙම නෑ. එතනදි තමයි පරතරයක් හටගෙන ගැටළු ඇතිවෙන් පටන් ගන්නේ.

 

කෙල්ලෙකුට වෙනස් වෙන්න එච්චර කාලයක් අවශ්‍ය නෑ. අද මහා සිදුවීමකට මුහුණු දීලා එහෙම දෙයක් නොවුණ ගානට ඉන්න පුළුවන්කමක් කෙල්ලනට තියෙනවා. අදාල පුද්ගලයා දැන හඳුනන්නේ නැති ලෙස තව කෙනෙක් සමග ජීවත් වෙන්න කෙල්ලන්ට පුළුවන්. එවැනි පසුබිමක කෙල්ලන් චපල යැයි පැවසීම විටෙක සාධාරණ වුව ද එසේ සිටීමට නොහැකි නම් ඇය සැමදා පරාද ය. එහෙත් පිරිමි පාර්ශවය ඊට ප්‍රතිචාර දක්වන්නේ වෙනස් ආකාරයකට බැවින් ඔවුන් චපල යැයි පැවසිය නොහැක.

 

බොහෝ දෙනෙක්ට හරි පාර තෝර ගන්න බැරි  ව ඉන්නවා. තව කෙනෙක් තෝරා ගත් පාරේ ගමන් කරන නැතුව බලං ඉන්නවා. එහෙත් තමන් නිසි මාර්ගයේ ගමන් කළ යුතු ය. ලද අවස්ථාව කුමක් වුවත් නිසි ලෙස භාවිතා කිරීමට වග බලා ගැනීමටත් තමන්ට අනුව හැඩ ගස්වාගෙන ජීවිතය සාර්ථක කර ගැනීමටත් හැකියාවක් සියල්ලන් සතු විය යුතු ය.

Courtesy : Colombo Week

More News »