ඔබේ නිකටේ මෙවැනි වලගැසීමක් තිඛෙනවද ? එහෙනම් ඔබ සුවිශේශීයි

2016-05-03 02:08:00       660
feature-top
නිකට වලගැසීම කියන ශාරීරික ලක්ෂණයට බොහෝ දෙනෙක් අකමැත්තක් දැක්වූවත් (විශේෂයෙන්ම කාන්තාවන්), එමගින් මුහුණට ඉතාමත්ම ආකර්ශනීය පෙනුමක් හිමිවෙනවා. ඒවගේම තමයි ඔවුන්ගේ පෞර්ෂත්වයද ඉතාමත්ම ආකර්ශනීයයි. නිකට මත සටහන්ව ඇති එම ලක්ෂණය නිසා අනෙකුත් පුද්ගලයින් අතරින් ඔවුන් කැපී පෙනෙනවා.

ලොව සුප්‍රසිද්ධ පුද්ගලයින් තුලද මෙම ලක්ෂණය දැකගන්නට පුළුවන්. එම නිසා ඔබේ නිකට මත ඇති එම ලක්ෂණය පිළිබඳව ඔබ අපහසුතාවයට හෝ කලකිරීමට පත්විය යුතු නැහැ. එමගින් ඔබේ පෙනුම වඩාත් ආකර්ශනීය එකක් බවට පත්වෙනවා.

ජානමය සහ දෙකට ඛෙදුණු නිකට

ජානමය බලපෑම එසේත් නොමැති නම් ප්‍රවේණිය හේතුවෙන්ද නිකට මත වලගැසීම කියන තත්වය ඇතිවය හැකියි. නිකට ආසන්නයේ ඇති මාන්ෂපෙශීන් නිසියාකාරයෙන් සංවුර්ත නොවීම නිසා ඒ දෙක මත හිඩැසක් ඇතිවෙන්නටත් පුළුවන්. අන්න එම හේතූන් නිසා තමයි නිකටේ වලගැසීමක් හෝ ඛෙදීමක් වැනි ලක්ෂණයක් ඇතිවන්නේ.  ඔබේ නිකට මත ඇතිවී තිඛෙන එම ශාරීරික ලක්ෂණය ජානමය බලපෑම නිසා ඔබේ දරුවාට අනිවාර්යයෙන්ම පැමිණෙන්නේ නැහැ. නමුත් ජානමය හේතූන් ප්‍රභලව සිටියොත් එය ඔබගෙන් දරුවාටද ලැඛෙන්නට ඉඩ තිඛෙනවා.

ඔබේ නිකටේ වලගැසීමක් තිබුනා කියා එම ලක්ෂණය ඔබේ මවගේ හෝ පියාගේ නොතිඛෙන්නට පුළුවන්. නමුත් ඔබේ වෙනත් නෑයෙකුට එම ලක්ෂණය පිහිටා තිඛෙන්නට පුළුවන්.

එය ඔබේ පෞර්ශත්වයට බලපාන්නේ කෙසේද ?

නිකටේ වලගැසීමක් හෝ ඛෙදීමක් වැනි ලක්ෂණයක් ඇති අය අන් අයගේ අවදානය දිනාගැනීමට වැඩි කැමැත්තක් දක්වනවා. ඔවුන්ගේ එම විනෝදකාමී හැසිරීම අන් යට ඉතාමත්ම ආකර්ශනීයි.

අගර දගර පාමින් පුරසාරම් දෙඩවීමටද ඔවුහු අති දක්ෂයෝය. ඒවගේම තමයි ඉතාමත්ම ප්‍රභල ලිංගික හැකියාවක් ඔවුන්ට තිඛෙනවා.

නිකටේ වලගැසීමක් ඇති පුද්ගලයින් අනෙකුත් පුද්ගලයින්ට වඩා වැඩි හැගීම්බර බවකින් යුක්තයි.  සතුටට, දුකට සහ පුදුමයට පත්වෙන අවස්තාවන් වලදී පවා ඔවුන් ඉක්මනින් කඳුළු සලනවා.

නිකට ප්‍රදේශයේ ඇති ඛෙදීම සහ වලගැසීම් පැහැදිලි වෙනසක් තිඛෙනවා. වලගැසීමට වඩා නිකටේ ඇති ඛෙදීමේ ලක්ෂණය ඉතාමත්ම හොඳින් කැපී පෙනෙනවා. නිකට ඛෙදී ඇති පුද්ගලයින් ඉතාමත්ම පහසුවෙන් කලකිරීමට සහ සිත් බිඳීමට පත්වෙන අතර මුළු ජීවිත කාලය පුරාවටම ඔවුන් එය සිත තුල තැන්පත් කරගෙන සිටිනවා. ඔවුන්ට යමෙක් එපා වුනොත් ඒ එපා වෙන්නේ මුළු ජීවිත කාලයටමයි.

තමන් ප්‍රතික්ෂේප වෙනවා දැකීමට ඔවුන් බියක් දක්වන අතර එය ඔවුන්ට දැඩි වේදනාවකි.

Courtesy : nodutulokaya



More News »