ඔබටත් ලප කැළැල් ඉවත් කර ගන්න වෙනස්ම ප්‍රතිකාරයක්

2017-03-18 09:28:00       618
feature-top
සාමාන්‍ය කැළැල් හෝ සුවපත් වෙමින් පවතින තුවාලයක් මත ඔලි ඔයිල්, විටමින් ඊ, උළු හාල් සහ කෝමාරිකා වැනි දෙයක් භාවිතා කිරීමෙන් තුවාල ඉක්මනින් සුවපත් කර කැළැල් මකා සම දීප්තිමත් කිරීමට හැකියාවක් එහි පවතිනවා.

එනමුදු මෙමගින් බොහෝ කලකට පෙර ඇති වෙච්ච ලප, තුවාල කැළැල් මකා දමන්නට නම් අපහසුයි. මෙවැනි ලප තුවාල කැළැල් ඉවත් කිරීමට ලේසර් ප්‍රතිකාර, විවිධ රසායනික ප්‍රතිකාරයන් තිබුනත් ඒවා ශරීරයට ඉතාමත්ම අහිතකරයි.

කුරුලෑ නිසා හෝ කුඩා කල සිදුවෙච්ච තුවාල නිසා හෝ හදිසි අනතුරකින් හෝ කැළැල් ලප ඇතිවීම සාමාන්‍යයි. එහෙත් ඒවා ඉවත් නොවී යාම නම් කොයි කාටත් හිසරදයක් බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. අද අපි කියල දෙන්නට යන විස්මිත ප්‍රතිකාරය මගින් පුදුම සහගත ලෙස කැළැල් මකා සුසිනිදු මුහුණක් ලබා දෙයි.

අවශ්‍ය ද්‍රව්‍ය

මී පැණි තේ හැඳි 4 යි
බිත්තර සුදු මද 1 යි
ලෙමන් යුෂ තේ හැඳි 4 යි

සකසා ගන්නා ආකාරය

සියලූ අමුද්‍රව්‍ය එකට හොඳින් මිශ්‍ර කරන්න. ලප කැළැල් ඇති ස්ථානයේ ගලවා විනාඩි 15 ක් පමණ තබා සම හොඳින් සෝදා ගන්න. සතියකට වරක් බැගින් කිහිප විටක් මෙය භාවිතා කිරීමෙන් ලැඛෙන ප්‍රතිඵල ඔබව මවිත කරාවි.



(under the courtesy of hirunews news web)

More News »