හරියට නින්දක් නැතිනම් වෙන දේවල් දන්නවද?

2017-02-02 10:56:00       710
feature-top
ඇමෙරිකාවේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය විද්‍යා අංශයේ විද්‍යාඥයින් පිරිසක් කළ පරික්ෂණයකදී ප්‍රමාණවත් නින්දක් නොලැබීම හේතුවෙන් ශරීරයේ ප්‍රතිශක්තීකරණය දුර්වල වන බව  වාර්තාවලින් සනාථ වී තිබෙනවා.

ඔවුන්ගේ පරික්ෂණවලට අනුව ප්‍රමාණවත් නින්දක් නොලැබූ පුද්ගලයන් ලෙඩ රෝගවලට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් ද පවතිනවා.

එමෙන්ම ප්‍රමාණවත් නින්දක් නොලැබීම, දියවැඩියාව වැනි රෝගවලටද සෘජු ලෙස බලපාන බව  එම වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

එම රෝග ඉක්මනින් සුවවන්නේ නැති බවටද හෙළිවී තිබෙනවා.

පුද්ගලයෙකු අනිවාර්යයෙන්ම පැය හතක් හෝ අටක් නින්දක් ලැබිය යුතු බව  එම පර්යේෂණ වාර්තාව පෙන්වා දෙන්නේ.
(under the courtesy of adaderana news web)

More News »