TharunayaSinhala News →Years before the reign of subsidy for small holders → 2016-04-08 09:18:00

කුඩා තේ වතු හිමියන්ට අවුරුදු සමයට පෙර සහනාධාරයක්
2016-04-08 09:18:00
Views : 279

පැවති නියං තත්ත්වය නිසා තේ මිල පහත වැටීම හේතුවෙන් ආර්ථික අපහසුතාවලට පත්වු මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල කුඩා තේ වතු හිමියන්ට එළැඹෙන අලූත් අවුරුදු සමයට පෙර සහනාධාරයක් ලබාදීමට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක තීරණය කර තිබෙනවා.

ඒ අනුව තේ ශක්ති අරමුදලෙන් රුපියල් ලක්ෂ 53 ක මුදලක් ඒ සඳහා වෙන්කෙරෙනු ඇති.

මේ අතර දිවයිනේ සියලූම තේ කර්මාන්තශාලා ලබන 12 වනදා සිට 17 වනදා දක්වා පමණක් වසා තැබීමට අවසර ලබාදෙන බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය දැනුම් දී තිබෙනවා.

ඒ අනුව අනෙකුත් දිනවල අනිවාර්යයෙන්ම තේ කම්හල් විවෘත කර තබන ලෙසයි චක්‍රලේඛයක් මගින් දැනුම්දී ඇත්තේ.
(under the courtesy of adaderana news web)

    All Stories

Ads here
340 x 60