TharunayaSinhala News →Thisara ricin Pune change fate → 2016-05-06 09:06:00

තිසර "රයිසින් පූනේ" ඉරණම වෙනස් කරයි
2016-05-06 09:06:00
Views : 106

තිසර පෙරේරාගේ වේගවත් පිතිහරඹය හේතුවෙන් අයි පී එල් කි‍්‍රකට් තරගාවලියේ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (05) පැවති තරගය කඩුලූ 7කින් ජය ගැනීමට රයිසින්ග් පූනේ කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ දිල්ලිහි ෆිරෝෂ් ෂාකොට්ලා කී‍්‍රඩාංගණයේදීයි.

පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 7ක් දැවී ලකුණු 162ක් රැස් කිරීමට සමත් වුණා.

රයිසින්ග් පූනේ කණ්ඩායම එම ඉලක්කය පන්දුවාර 19 යි එක් පන්දුවක් අවසානයේ කඩුලූ 3ක් පමණක් දැවී පසුකර යමින් ජයග‍්‍රහණය වාර්තා කළා. පූනේ රයිසින්ග් කණ්ඩායමට අවසන් පන්දුවාර දෙකේදී ලබාගත යුතුව තිබූ ලකුණු සංඛ්‍යාව 17ක්.  19 වැනි පන්දුවාරයේ නායක මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 27කට දැවී යාමත් සමග රයිසින්ග් පූනේ කණ්ඩායමේ ජයග‍්‍රාහී බලාපොරොත්තු බිඳ වැටුණා.

කෙසේ වෙතත් අනතුරුව පිටියට පිවිසි තිසර පෙරේරා ඉම්රාන් තහීර් යැවූ 19 පන්දුවාරයේදී හයේ පහර දෙකක් එල්ල කරමින් යළි රයිසින්ග් පූනේ කණ්ඩායමට ජය මාවත විවර කර දුන්නා. තිසර පෙරේරා පන්දු 5කදී හයේ පහර දෙකක් සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 14ක්.
(under the courtesy of nethfm news web)

    All Stories
Ads here
340 x 60
Rs. 10000/-