TharunayaSinhala News →The past 24 hours the highest rainfall in Colombo → 2017-05-19 02:30:00

ගතවු පැය 24 වැඩිම වර්ෂාපතනය කොළඹට
2017-05-19 02:30:00
Views : 839

අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසට තව දුරටත් මිලිමීටර් 100 ඉක්මවු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද උදැසන 8.30 න් අවසන් වු පැය 24 තුළ වැඩිම වර්ෂාතනය ලැබී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයටයි.

එය මිලිමිටර් 90.2 ක්. ඊයේ ඇදහැලූණු ධාරානිපාත වර්ෂාපතනය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 102 අයත් පුද්ගලයින් 439 දෙනෙක් ද පීඩාවට ලක්ව සිටිනවා.

මේ අතර කොහිලවත්ත සුසාන භුමිය ආසන්නයෙන් කැළණි ගගේ කොටසක් නාය යෑම නිසා තොටළග සිට අඹතලේ මංසන්ධියේ දක්වා දිවෙන මාර්ගයේ ගමනා ගමන කටයුතු සිමාකර තිබෙනවා.

ඒ හේතුවෙන් එම මාර්ගයේ බර වාහන ධාවන නොකරන ලෙසයි  පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.


(under the courtesy of hirunews news web)

    All Stories
Ads here
340 x 60