තරබාරුව නැති කරන්න අලුත්ම අත්බේත ගොරකා එක්‌ක සෙල්ලම් එපා!

2017-01-31 10:43:00       742
feature-top
ප්‍රශ්නය - මෙයට මාස කිහිපයකට පෙර තරබාරුව නැති කිරීම සඳහා ගොරකා ප්‍රයෝජනයට ගත හැකි ආකාරය විස්‌තර කරමින් ඔබඅපට සංවාද මාලාවක්‌ ලබා දුන්නා. ඒ සමඟම ගොරකා මිශ්‍රකර ගෙදරදීම නිපදවා ගත හැකි අත්බෙහෙතක්‌ ඔබ සඳහන් කළා. එය පුවත්පතේ පළකිරීමෙන් පසු විශාල පිරිසක්‌ එය පාවිච්චි කර උසස්‌ ප්‍රතිඵල ලබාගත් බවඅපට දැන්වූවා. ඒ අතර පසුගියදා පවත්වනලද ප්‍රසිද්ධ වෛද්‍ය සාකච්ඡාවකදී ඔබ කියා සිටියා ගොරකා පරිහරණය කිරීමේදී බෙහෙවින් ප්‍රවේසම් විය යුතු බව. මොකක්‌ද මේ කතාවේ තේරුම?

වෛද්‍ය සමන් රන්ජන් මුහන්දිරම් - මෙහිදී ගොරකාවල සංයුතිය තේරුම් ගැනීම අප විසින් කළ යුතුයි. Garcinia යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ගොරකා හරියරට පරිහරණය කළොත් දිව්‍ය ඖෂධයක්‌ වැරදියට පරිහරණය කළොත් විශාල අගතියක්‌ සිදු වෙනවා. අපි මුලින්ම බලමු ගොරකාවල සංයුතිය කුමක්‌ද කියලා. වියලාගත් ගොරකා බිකක 10 - 50% දක්‌වා ප්‍රමාණයක්‌ Hydroxycitric අම්ලය තිබෙනවා. මෙය අති විශාල අම්ල ප්‍රමාණයක්‌. මේ අම්ලයෙන් මිලිග්‍රෑම් 500 ක ප්‍රමාණයක්‌ දිනකට හතර වතාවක්‌ මුඛ මාර්ගයෙන් ශරීර ගත වුණොත් ආහාර අරුචිය, උදරයේ අපහසුතා සහ හිසේ ඇම්ම හැදෙන්න පුළුවන්. එසේ තිබියදී නූතන සමාජයේ ඇතැම් තරබාරු අය ආහාරවලට දැමීමට තිබෙන 'ගොරක පේස්‌ට්‌' ලෙස හැඳින්වෙන මිශ්‍රණය මිලට අරගෙන දිනපතා එයින් හැඳි තුන හතර බැගින් ගිල දැමීමට පුරුදු වෙලා තිබෙනවා.

ප්‍රශ්නය - එතකොට මොකද වෙන්නේ?

වෛද්‍ය සමන් රන්ජන් මුහන්දිරම් - එතකොට මුලින්ම වෙන්නේ අක්‌මාව නරක්‌ වීම. එහෙම වෙලා සිරෝසිස්‌ රෝගය හට ගන්නවා. එයින් පස්‌සෙ තරබාරුබව අඩුකර ගැනීමට බලාපොරොත්තු වන තැනැත්තා සම්පූර්ණයෙන් ම රෝගියෙක්‌ බවට පත්වෙනවා. ඊළඟට නරක්‌ වෙන්නෙ වකුගඩු. අක්‌මා රෝග සහ වකුගඩු රෝග මගින් කෙනකුට මරණය පවා අත්වෙනවා. වකුගඩු අක්‍රිය වුණාම රුධිර කාන්දුකරණය කරන්න ඕනෑ. එයට හේතුව තවදුරටත් රුධිරය පෙරා ශරීරයට සැපයීමට දුර්වල වකුගඩුවලට බැරි වීමයි.

හොරකා කියන්නේ අම්ල ගතිය වැඩිපුරම තිබෙන ඵලයක්‌. දෙහි වලටත් වඩා අම්ල මෙහි අඩංගු වන බව නැවතත් කිව යුතුයි. ගොරක සේදූ ජලය නිතිපතා ගහකට දැම්මොත් ඒ ගහ මිය යනවා.

අප තරබාරු රෝගීන්ට ගොරකවලින් ඖෂධ සාදා ලබා දෙනවා. එහිදී මුලින්ම ගොරකවල විස ගතිය සහ අධික ආම්ලික ගතිය මරනවා. ඒ සඳහා තවත් දේශීය ඖෂධ 18 ක්‌ එකතු කළ යුතුයි. එසේ සාදන ඖෂධ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ යෝග සංග්‍රහ කමිටුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගත යුතුයි. එසේ නැතුව ගොරක අඹරලා ඇසුරුම්වල දමලා රෝගීන්ට දුන්විට සිදු වන්නේ විශාල විපතක්‌.

ප්‍රශ්නය - තරබාරුව නැති කිරීමට ගොරකාවලින් ගෙදරදීම ඖෂධයක්‌ හදන ආකාරය පසුගිය කාලයේදී අපට කියා දුන්නා. ඔබ මේ ගැන තවදුරටත් පර්යේෂණ කර ඇති බව අපට දැන ගන්නට ලැබුණා. එවැනි අලුත් ඖෂධයක්‌ තිබෙනවාද?

වෛද්‍ය සමන් රන්ජන් මුහන්දිරම් - ඔව්· ගොරකා, සුදුළුනු, කරපිංචා, කොත්තමල්ලි, අරළු, බුලු, නෙල්ලි සම සමව අරගෙන ගලේ අඹරලා, බෝතලයක දමලා තබාගෙන නොපිරවූ තේ හැන්දක ප්‍රමාණයක්‌ උදේට හිස්‌බඩ උණුසුම් ජලය ටිකක්‌ සමඟ අනුභව කළ යුතුයි. මාස 2 - 3 ක්‌ මේ විදියට කළාම තරබාරුව හුඟක්‌ දුරට අඩු වෙනවා. හැබැයි මෙවැනි කරුණුවලදී පිළිගත් ආයුර්වේද වෛද්‍යවරයකුගේ උපදෙස්‌ ලබා ගත යුතුමයි.
(under the courtesy of rategossip news web)

More News »