TharunayaSinhala News →Tea prices rise → 2016-04-22 09:41:00

තේ මිල ඉහළ යයි
2016-04-22 09:41:00
Views : 352

මේ සතියේ තේ වෙන්දේසියේදී ඉහළ කඳුකරයේ සහ පහතරට තේ වර්ග සදහා ඉහළ මිලක් හිමිවූ බව තැරැව්කාර සමාගම් ප්‍රකාශ කළා.

වෙන්දේසිය සදහා තේ කිලෝග්‍රෑම් මිලියන 4යි දශම 9 ක් ඉදිරිපත් කර තිබූ අතර, බී  ඕ පී එෆ් වර්ගයේ තේ වර්ගවල මිල රුපියල් 10 සිට 40 දක්වා ප්‍රමාණයකින් ඉහළ ගියා.

ඉහළ කඳුකරයේ තේ කිලෝග්‍රෑමයක මිල රුපියල් 450 ත් 800 ත් අතර පැවති බවයි තැරැව්කාර සමාගම් ප්‍රකාශ කළේ.

ඩුබායි, රුසියානු පොදු රාජ්‍ය මණ්ඩලය, තුර්කිය, සෞදි අරාබිය, ඉරාකය සහ කුවේටය මේ සතියේ තේ වෙන්දේසියේ ඉහළ ගැණුම්කරුවන්.
(under the courtesy of hirunews news web)

    All Stories

Ads here
340 x 60