කාන්තාවන්ගේ රහස් ප්‍රදේශය තරුණ කරන්නට විද්‍යාඥයන්ගේ විශ්මිත සොයා ගැනීම මෙන්න

2016-05-04 02:45:00       660
feature-top

කාන්තාවන් අකමැතිම දෙයක් තමයි වයසට යාම කියන්නේ. එකනේ ගොඩක් කාන්තාවෝ වයස ඇහුවම ඇඹරෙන්නේ. එහෙමත් කාන්තාවක් තමයි තමුන්ගේ වයස නිවැරදිව කාට හරි පවසන්නේ.

වයසට යාම කියන එක අපි කාටත් පොදු දෙයක්. එකට කරන්න දෙයක් නෑ. නමුත් කරන්න දෙයක් නෑ කියලා මොකුත් නොකර ඉන්න එකත් එක්තරා විදියක මෝඩ කමක්. මොකද අද වන විට විවිධ රුපලාවන්‍ය සත්කාර කිරීම , ව්‍යායාම් කිරීම , වයසත් සමග අවශ්‍ය පෝෂණ සංගටක ශරීරයට එකතු කර ගැනීම , අවශ්‍ය ප‍්‍රමාණයට වතුර පානය කිරම , අවශ්‍ය ප‍්‍රමාණයට විවේක ගැනීම , සම්බාහනය වගේ දේවල් වලින් පුළුවන් ඉක්මණින් වයසට යන එක පරක්කු කරන්න.

නමුත් පහත දැක්වෙන්නේ කාන්තාවන්ට තරුණ පෙනුමක් ලබා ගැනීමට හැකි මුහුණට කරන පේෂල් එකක් ගැන නම් නෙවෙයි. මේ අලූත්ම පේෂල් එක මේ වන විට මුළු ලොව පුරාම කාන්තාවන් අත්හදා බලමින් සිටිනවා. මේ පේෂල් එක කරන්නේ වෙන කොහේටවත් නොවෙයි කාන්තාවන්ගේ රහස් ප‍්‍රදේශයටයි.

මෙමහින් කාන්තාවන්ගේ රහස් ප්‍රදේශය තරුණ පෙනුමකින් යුක්ත එකක් බවට පත් කිරීම සදහා අවශ්‍ය පෝෂණ සංගටක සපයනවා. මේ සදහා අපි යොදා ගන්න සියලූම අමුද‍්‍රව්‍ය 100% ස්වාභාවික නිසා ඔබ මෙය අත්හදා බැලීමට කිසිසේත්ම බියවිය යුතු නෑ.

අවශ්‍ය අමුද්‍රව්‍ය

පොල්තෙල් මේස හැඳි 1
විටමින් ෑ මේස හැඳි 1
මී පැණි මේස හැඳි 1
බිත්තර සුදු මද 1

පොල් තෙල් හා විටමින් ෑ කියන්නේ සමේ තෙතමනය හොදින් ආරක්ෂා කරන හා එය නිසි පරිදි පවත්වා ගෙන යාමට උපකාර වෙන දේවල් දෙකක්. ඒ වගේම මෙමගින් සමේ ඇතිවන ඇදීම් සලකුණු ද ඉවත් කරනවා. එල්ලා වැටෙන සම , රැලි වැටුණු සම හා වයස්ගත වූ සම තරුණ කිරීමේ විශිෂ්ට හැකියාවක් පොල් තෙල් වලට තියෙනවා. පොල් තෙල් හා විටමින්ෑ මුහුණේ , ඛෙල්ලේ අත් පා වල ආලේප කිරීමෙන් සමට ලබා ගත හැකි ඉහතින් අපි කතා කල වාසි රහස් ප්‍රදේශය මත ආලේප කිරීමෙන්ද ලබා ගන්න පුළුවන්. ඒ වගේම රහස් ප‍්‍රදේශය ආශ‍්‍රිත සමේ නව ෙසෙල වර්ධනය කර එයට තරුණ පෙනුමක්ද ලබා ගන්න මෙමගින් පුළුවන්.

මී පැණි වල අඩංගු බලසම්පන්න ප‍්‍රතිඔක්සිකාරක ගුණය සමට ඉතාමත් ප‍්‍රයෝජනවත්. බිත්තර සුදු මද තුල අඩංගු ඇමයිනෝ අම්ල හා පෝෂණ සන්ගටකද සමට ඉතාමත් හිතකරයි. මේ සියල්ල එකට එක් වූ කලි සැදෙන්නේ ඔබේ රහස් ප්‍රදේශයට නැවතත් තරුණ පෙනුමක් ලබා දිය හැකි බලවත් සංයෝගයක්. හරි අපි දැන් මේ මිශ‍්‍රනය හදන හැටි බලමු

මුලින්ම ඉහත අමුද‍්‍රව්‍ය ටික හොදින් මිශ‍්‍ර කර ගන්න

ඉන්පසු එම මිශ‍්‍රනය මයික්‍රෝවෙව් උදුනක දමා තත්පර 15ක් 20ක් පමන රත් කර ගන්න

ඉන්පසු මිශ්‍රණය බොහොම මෘදු ලෙස රහස් ප්‍රදේශය මත ගල්වන්න

ආලේප කිරීමේදී මේ මිශ්‍රණය යෝනි මාර්ගය ඇතුලට යාමට ඉඩ දෙන්න එපා

වියලෙන තුරු තබා මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න

මෙම රුපලාවන්‍ය සත්කාරය එකදිගට සතියක් කරලා ඉන්පසු සැම සතියකටම එක් වරක් පමණක් සිදු කරන කාන්තාවන් පිරිසක් පවසා සිටියේ මෙමගින් රහස් ප‍්‍රදේශයේ කලින් පැවතී වියලි බව සම්පුර්ණයෙන්ම ඉවත් වී සුමුදු ගතියක් සමග වෙනදාට වඩා තරුණ පෙනුමක් එයට ලැබී තිඛෙන බවයි,

Courtesy : sinhalalipi.com


More News »