TharunayaSinhala News →Sudan miners face many health problems → 2016-12-28 04:58:00

සුඩානයේ පතල් කම්කරුවන් සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ දෙයි
2016-12-28 04:58:00
Views : 262

සුඩානයේ පතල් කම්කරුවන් සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ දී ඇති බව එරට වාර්තා සඳහන් කරනවා. පතල් වලින් සොයා ගන්නා රත්‍රන් වෙන් කිරීම සඳහා රසදිය සහ සයනයිඩ් වැනි රසායන ද්‍රව්‍ය යොදා ගැනෙනවා. මෙම රසායන ද්‍රව්‍ය සෞඛ්‍යයට ඉතා අහිතකර වන අතර මේ හේතුවෙන් පතල් කම්කරුවන් සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.

රන් පතල් ආශ්‍රිතව ජීවත් වන සාමාන්‍ය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීමට ද මෙය හේතුවක් වී ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. සාමාන්‍යයෙන් දිනකට ආසාත්මිකතා සහ විෂ ශරීරගත වීමේ සිදුවීම් 11ක් පමණ වාර්තා වන බවයි එරට වාර්තා සදහන් කරන්නේ. 2020 වසර වන විට රන් කර්මාන්තය සදහා රසදිය භාවිතය තහනම් කරන බව සුඩාන බලධාරීන් පවසනවා.

Courtesy :  ITN News

Ads here
340 x 60