TharunayaSinhala News →Stock market growth → 2016-04-29 09:07:00

කොළඹ කොටස් වෙළඳපොලේ වර්ධනයක්
2016-04-29 09:07:00
Views : 384

පොලී අනුපාතික ස්ථාවරව පවත්වා ගැනීමට මහ බැංකුව තීරණය කිරීමෙන් අනතුරුව කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක ඊයේ තවදුරටත් වර්ධනයක් පෙන්නුම් කළා.

කෙසේ නමුත් ආයෝජකයන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව බලාපොරොත්තුවන ඩොලර් බිලියනය ඉක්මවූ ණය මුදල සම්බන්ධයෙන් අපේක්ෂා සහගතව සිටින බවයි තැරැව්කාර සමාගම් ප්‍රකාශ කළේ.

සමස්ත දර්ශකය ඊයේ දිනයේ 6442.53 ක් ලෙස සටහන් වූ අතර, පසුගිය ජනවාරි 14 වනදායින් පසු වාර්තාවූ ඉහළම අගය එයයි.

කොටස් වෙළඳපොලේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 560.1 ක් වූ අතර විදේශීය ආයෝජකයන් රුපියල් මිලියන 15.5 ක කොටස් මිලදී ගත්තා.
(under the courtesy of hirunews news web)

    All Stories

Ads here
340 x 60