TharunayaSinhala News →Special planets Mercury and Venus location → 2017-01-12 08:45:00

සිකුරු සහ බුධ ග්‍රහලෝකවල විශේෂ පිහිටීමක්
2017-01-12 08:45:00
Views : 1188

2017 වර්ෂයේ ජනවාරි 12  වන දින සිකුරු ග්‍රහලෝකයත් ජනවාරි 19 වන දින බුධ ග්‍රහලෝකයත් වෙනත් දිනයන්හිදීට වඩා දීප්තිමත්ව දැකගත හැකි බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය පවසනවා.

සිකුරු සහ බුධ යන ග්‍රහලෝක දෙකම පෘථිවි කක්ෂයට ඇතුළතින් සූර්යයාට ආසන්න ඉලිප්සාකාර ගමන් මාර්ගවල සූර්යයා වටා පරිභ්‍රමණය වනවා.

තවද මෙම ග්‍රහලෝක දෙකෙහි පරිභ්‍රමණ වේග අනෙක් ග්‍රහලෝක වලට වඩා වැඩි බැවින් පෘථිවිවාසීන්ට නිරීක්ෂණය කල හැකි කාලය එක් වරකදී සති කීපයකට පමණක් සීමාවනවා.  

2017 ජනවාරි 12 වන දින  සූර්යයා සහ සිකුරු  ග්‍රහලෝකය අතර කෝණය අංශක  47.1  ක උපරිම අවස්ථාවකට පත්වන අතර මෙය (Venus at Greatest Elongation )  ලෙස හඳුන්වයි.

එදිනට සිකුරු ග්‍රහලෝකය වෙනදාට වඩා දීප්තිමත්ව දැකගත හැකි කදිම අවස්ථාවක් උදාවනවා.

එදින සවස 6.30 සිට රාත්‍රී 9.00 පමණ වනතෙක් බටහිර අහසෙහි ක්ෂිතිජයට ඉහලින් සිකුරු ග්‍රහලෝකය නිරීක්ෂණය කළ හැකි බවයි ග්‍රහලෝකාගාරය පවසන්නේ.

එමෙන්ම මෙම අවස්ථාවේ සිකුරු ග්‍රහලෝකය දුරේක්ෂයකින් නිරීක්ෂණය කලහොත් සිකුරුගේ කලා වෙනසද පෙනෙනු ලැබෙනවා.
 
2017 ජනවාරි 19 දින බුධ ග්‍රහලෝකයද මෙවැනිම පිහිටීමකට (Mercury at Greatest Western Elongation) පැමිණෙන බවද රහලෝකාගාරය පවසනවා.

එවිට බුධ  ග්‍රහලෝකය හා සූර්යයා අතර කෝණික පරතරය අංශක 24.1 ක උපරිම අවස්ථාවකට පත්වනවා.


(under the courtesy of hirunews news web)

    All Stories
Ads here
340 x 60