ආත්‍රයිටිස්‌ සුව කරගන්න මේ කසායත් බීලා බලන්න

2017-05-17 10:41:00       708
feature-top
ප්‍රශ්නය - පසුගිය සතියේදී මේ ප්‍රශ්නෝත්තර තීරුව ඔස්‌සේ ආත්‍රයිටිස්‌ රෝගයට අදාළව පාඨකයන්ට ලබාදුන් ඖෂධ වට්‌ටෝරුව ගැන පැසසුම් කිහිපයක්‌ ලැබී තිබෙනවා. දැන් අප ඔබෙන් එවැනි වට්‌ටෝරුවක්‌ බලාපොරොත්තු වෙනවා.

වෛද්‍ය වසන්ත උදයජීව - මතු කියෑවෙන කසාය ආත්‍රයිටිස්‌ රෝගයට ඉතාම ගුණදායක බෙහෙතක්‌. නිකමුල්, කටු කරඬු මුල්, බෙලි මුල්, බැබිල මුල්, බෙහෙත් එඬරු මුල්, පාවට්‌ටා මුල්, කලං 2 බැගින් ගෙන එයට එඬරු තෙල් මේස හැන්දක්‌ සහ වතු=ර කෝප්ප 8 ක්‌ දමා එක කෝප්පයකට සිඳුවා එයින් භාගයක්‌ උදේට ද, ඉතිරි භාගය සවසට ද යනාදී වශයෙන් දින 6 ක්‌ (වේල් 12 ක්‌) පානය කළ යුතුයි. මෙයට සීනි/ මී පැණි අනුපාන වශයෙන් යෙදිය යුතුයි.

ප්‍රශ්නය - මේ කසාය සඳහා යොදා ගනු ලබන ශාක ගැන විග්‍රහයක්‌ කළ හැකිද?

වෛද්‍ය වසන්ත උදයජීව - Vitex negundo යනුවෙන් හැඳින්වෙන නික ගස පස්‌ පංගුව ප්‍රයෝජනයට ගත හැකි ඖෂධීය ශාකයක්‌. ශරීරයේ හටගන්නා ඉදිමුම්, කෝටරක ප්‍රදාහය, වෙනත් ප්‍රදාහ තත්ත්වයන්, රූමටික උණ, හිසේ ඇම්ම. ඇසේ සුද, සර්ප දෂ්ට, විසඥ තත්ත්වයන්, ගරුඬ විස, කැස්‌ස, ඇදුම, උණ, සිරුරේ වේදනා, ලාදුරු යනාදියට ප්‍රතිකාර කිරීම සඳහා නික යොදා ගන්නවා.

2. කටු කරඬු - මෙහි විද්‍යාත්මක නාමය Barleria Prionitis යන්නයි. අක්‌මාවේ හටගන්නා උග්‍ර සහ නිධන්ගත රෝග, කහඋණ, වෘෂණ කෝෂ ඉදිමීම, මීයන් සපා කෑමෙන් හටගන්නා විෂ තත්ත්වය, ඇසේ සුද හට ගැනීම, කක්‌කල් කැස්‌ස, දත් නරක්‌වීම, බිබිලි හට ගැනීම වැනි රෝග තත්ත්වයන් සඳහා මේ ශාකයේ කොළ, මුල්, පොතු, මේ පැළෑටිය පුළුස්‌සා ලබා ගන්නා අළු යනාදිය යොදා ගන්නවා.

3. Aegle marmelos යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන බෙලි සිරුරට සිසිල් ගුණය ලබා දෙන උදරයට ඉතා සෞම්‍ය පලතුරක්‌.

4. බැබිල ශාකයේ උද්භිද විද්‍යාත්ම නාමය වන්නේ Sida alanifolia යන්නයි. අධික රුධිර පීඩනය, හර්නියා, සියලුම උණ රෝග යනාදියට මේ ශාකය මගින් ප්‍රතිකාර කරනවා.

5. Ricinus Communis යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන එඬරු ශාකයේ පත්‍රවල තිබෙන මධ්‍යසාරමය කොටස උකහාගෙන අක්‌මා රෝග සහිත මීයන්ට එමගින් ප්‍රතිකාර කර සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට බටහිර ලෝකයට හැකිව තිබෙනවා. මෙහිදී සුවපත් වූයේ විෂ නිසා හානියට පත් වූ අක්‌මා කොටස්‌ සහිත මීයන්. කෙසේ වුවද එඬරු පැළය විෂ සහිත ශාකයක්‌ බව අප මතක තබා ගත යුතුයි.

divaina.com

More News »