TharunayaSinhala News →School announces examination schedule → 2017-01-11 04:50:00

පාසල් විභාග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ
2017-01-11 04:50:00
Views : 600

මේ වසරේ පාසල් විභාග කාලසටහන විභාග දෙපාර්තමේන්තුව අද ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව උසස් පෙළ විභාගය අගෝස්තු අටවනදා ආරම්භ වන අතර, එය සැප්තැම්බර් 2 වනදා දක්වා පැවැත්වෙනවා.

5 වසර ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 20 වනදා පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 12 වනදා ආරම්භ වන අතර එය දෙසැම්බර් 21 වනදා අවසන්වීමට නියමිතයි.

(under the courtesy of hirunews news web)

    All Stories