Royal Institute ජාත්‍යන්තර පාසලේ කාර්තු ගාස්තු නොගෙව්වයි විදුහල්පති ළමයින් කාරයක් තුළ සිර කරයි.

2018-10-12 07:45:00       3184
feature-top
Royal Institute පාසල් පද්ධතිය නුගේගොඩ, මහරගම, කිරුළපන, ගම්පහ, යන ප්‍රදේශවල දැනටමත් දීර්ඝකාලයක සිට ක්‍රියාත්මක වන පුද්ගලික පාසල් පද්ධතියකි.

මෙම පුද්ගලික පාසල් සඳහා ළමුන්ගෙන් මුදල් අය කිරීමේ ආයතනික දෙමාපිය එක්ඟතාවය තිබුණේ වර්ෂ දෙකකට වරක් සිට 12% ක් මුදල් වැඩි කිරීමටය.

පසුගිය 2016 වර්ෂය සඳහා නියමිත පරිදි කාර්තු ගාස්තුව සමග සියයට 12% ක් එකතුකර සියලු ළමයින් සඳහා දෙමාපියන් විසින් මුදල් ගෙවන ලදී.

ඊට පසුව නැවත මුදල් වැඩි විය යුතුව තිබුනේ 2018 වසරේය. නමුත් මෙම පුද්ගලික ආයතනය මගින් 2017 වර්ෂය සඳහා ද දෙමව්පියන්ගෙන් මුදල් අයකර ඇත.

2018 වර්ෂය සඳහා කාර්තු ගාස්තුව සමග 30%ක් පමණ අය කිරීමට දෙමව්පියන්ට දන්වා ඇතිමුත් එම මුදල් වැඩිකර ඇත්තේ කුමන සුත්‍රයකට අනුවදැයි කිසිවකු නොදනී.

එම වැඩිකර ඇති මුදල පාසලෙන්එ පාසලට ද වෙනස් වී ඇති බව දෙමාපියන් වැඩිදුරටත් පවසයි. පාසලේ සිසුන්ට මෙම මුදල් ගෙවා අවසන් කරන ලෙස පාලනාධිකාරිය විසින් කිහිපවතාවක්ම තර්ජනය කර ඇත.

දෙමාපියන් විසින් පාලන අධිකාරිය වෙත පැමිණිලිලි කර ඇත්තේ අසාධාරණ ලෙස මෙපමණ මුදලක් ගෙවිය නොහැකි බවත් මුදල් අය කිරීමට නම් ගිවිසුමේ ප්‍රකාරව ලිඛිතව දන්වන ලෙසත්ය. නමුත් පාලනාධිකාරිය විසින් ගෙවීම් කරන ලෙස ලිඛිත ප්‍රකාශයක් නිකුත් කිරීම සිදු නොකොට දිගින් දිගටම ළමයින්ට තර්ජනය කරමින් ඇත.

දිගින් දිගටම ළමයින්ට කරන මේ බලපෑම් නිසා දෙමාපියන් විසින් මේ සම්බන්ධයෙන් ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට ද පැමිණිලි කර ඇත.

2018.10.02 දින විදුහල්පතිතුමා විසින් ළමයින්ව රැස් කොට ප්‍රකාශ කර සිටියේ වැඩි වූ මුදල ලබාදීමට නොහැකි නම් වෙනත් පාසලකට යන ලෙසය. තවද 09 නව දින ලමයින් 60ක් පමණ කාමර තුළ සිර කරමින් නැවත් තරජනය කර මුදල් ලබා දෙන ලෙස තරජන ඇත. එදින පාසැල් තුළ කිසිදු අධ්‍යාපනික සිදු කර නැත. පාලන අධිකාරිය විසින් ඉලක්ක ගත ලමුන් සදහා බලපැම් කරමින් පවති. මේ පිළිබදව දෙමාපියන් විසින් එදින 119වලට පොලිසියටද දන්වා ඇත. ඒ පිළිබද පැමිනිල්ලක් මිරිහාන පොලිසියේ සටහත් කැර ඇත.

නැවතත් දෙමාපියන් විසින් විදුහල්පතිතුමා හමුවේ පවසා ඇත්තේ දරුවන්ගේ මානසික තත්වය ගැන සිතා ළමයින්ට තර්ජනය නොකරන ලෙසත්, අදාල මුදල් ගෙවීමට කටුයුතු කරන ලෙස ලිඛිතව දන්නවන ලෙසයි. එවිට විදුහල්පතිතුමා පවසා සිටින්නේ තමන් ක්‍රියාත්මක කරන්නේ පාලනාධිකාරිය විසින් ගන්නා තීරණ බවයි.

දැනටමත් කොහුවල ප්‍රදේශයේ ඉදිකිරිමෙන් පවතින පුද්ගලික විශ්වවිද්‍යාලයයන් සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීමට පාලනාධිකාරිය විසින් මෙම තීරණය ගෙන ඇති බව දෙමාපියන් විසින් පවසයි.

Royal Institute පාසල් පද්ධතිය ජී.ටි. බණ්ඩාර මහතාට අයත් වන අතර, ඔහු කලක සිට පුද්ගලික පන්ති පවත්වාගෙන ආ ගුරැවරයෙකුද වේ.

දෙමාපියන් විසින් පවසා සිටින්නේ අධික ලෙස මුදල් අය කරත් පාසල් පද්දතිය තුල නියමිත විෂයන් සදහා ගුරැවරැන්ද නොමැත බවය.
(Under the courtesy of lankaleadnews.com web.)

More News »