TharunayaSinhala News →Punjab beat Kolkata win → 2016-05-05 09:04:00

පන්ජාබ් පරදා කොල්කටා ජය ගනී
2016-05-05 09:04:00
Views : 23

ඉන්දිය පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ ඊයේ (04) පැවති තරගයෙන් ලකුණු 7 ක ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා. ඒ කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම පරාජය කරමින්.

පළමුව පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 164 ක් රැස් කළා. රොබින් උත්තප්පා පන්දු 49 කදී ලකුණු 70 යි. ඊට හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත්. ගෞතම් ගාම්භීර් ලකුණු 54 ක් රැස් කළේ පන්දු 45 කදීයි.

පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ පන්ජාබ් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කර ගැනීමට හැකි වුයේ ලකුණු 157 ක් පමණයි. ග්ලේන් මැක්ස්වෙල් පන්දු 42 කදී ලකුණු 68 ක් රැස් කළා. ඊට හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් වුණා.
(under the courtesy of nethfm news web)

    All Stories
Ads here
340 x 60
Rs. 10000/-