TharunayaSinhala News →Pollard from fast runs → 2016-04-29 09:05:00

පොලාර්ඩ්ගෙන් වේගවත් අර්ධ ශතකයක්
2016-04-29 09:05:00
Views : 114

මෙවර අයි පී එල් කි‍්‍රකට් තරගාවලියේ සිය සිවුවැනි ජයග‍්‍රහණය වාර්තා කිරීමට රෝහිත් ෂර්මාගේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ (28) රාතී‍්‍ර සමත් වුණා.

වන්කඩේ කී‍්‍රඩාංගණයේ පැවැති මෙම තරගයේදී ඔවුන් හමුවේ කඩුලු 6කින් පරාජයට පත් වූයේ ගෞතම් ගාම්බීර්ගේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමයි.

පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 174ක් රැස් කළා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම එම ඉලක්ක පන්දුවාර 18ක් තුළ රැස්කර ගැනීමට සමත් වුණා.

බිඳ වැටුනු කඩුලු සංඛ්‍යාව 4ක්.

නායක රෝහිත් ෂර්මා නොදැවී ලකුණු 68 යි. කිරන් පොලාර්ඩ් පන්දු 17කදී වේගවත් ලකුණු 51ක් රැස් කරමින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ජය මාවත විවර කර දුන්නා.

ඔහුගේ ඉනිමට හයේ පහර 6ක් ඇතුළත්.
(under the courtesy of nethfm news web)

    All Stories