TharunayaSinhala News →Obama begins tour of Britain → 2016-04-22 09:37:00

ඔබාමා බි‍්‍රතාන්‍යය සංචාරයක් අරඹයි
2016-04-22 09:37:00
Views : 117

අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා තෙදින සංචාරයක් සඳහා බි‍්‍රතාන්‍යයට පැමිණියා.

මෙම සංචාරයේදී අමෙරිකානු ජනාධිපතිවරයා බි‍්‍රතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජින සමග රාති‍්‍ර භෝජන සංග‍්‍රහයකටද සහභාගිවීමට නියමිතයි.

ඔබාමා සහ බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් අතර පැවැත්වෙන සාකච්ඡාවලදී අයි එස් ත‍්‍රස්ත කි‍්‍රයාකාරකම් සම්බන්ධයෙන් ගනු ලබන කි‍්‍රයාමාර්ග පිළිබඳ වැඩි අවධානයක් යොමුවනු ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

දෙරටේ නායකයන් දෙපළ ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවකටද සහභාගිවීමට නියමිතව තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Ads here
340 x 60