TharunayaSinhala News →Nets down 4 arrested → 2017-01-11 02:50:00

තහනම් දැල් දැමූ 4ක් මාට්ටු

2017-01-11 02:50:00
Views : 179

මීගමුව මුහුදු ප්‍රදේශයේ තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වු ධීවරයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ මීගමුව අනුකණ්ඩයට අයත් නාවිකයන් පිරිසක් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

එහිදී, ඩිංගි යාත්‍රාවක්, තහනම් දැලක් සහ මසුන් කිලෝග්‍රෑම් 50 ක්ද නාවික හමුදාව බාරයට ගෙන තිබේ.

මේ අතර මීගමුව කුට්ටිදූව ප්‍රදේශයේදී කැස්බෑ මස් අලෙවි කරමින් සිටි පුද්ගලයින් 2 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී කැස්බෑ මස් කිලෝග්‍රෑම් 71 ක් සහ එම බිත්තර තොගයක් ද සිය බාරයට ගෙන ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා මීගමුව ධීවර පරීක්ෂක කාර්යාලය වෙත බාරදුන් බව නාවික හමුදාව සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

    All Stories