කපපු දෙහි ගෙඩි කිහිපයක් ඔබේ ඇඳ ලගින් තබාගන්න.

2016-05-03 01:38:00       684
feature-top
නිවසේ රැඳී තිඛෙන අහිතකර ශක්තීන් වල බලපෑම නිසා ඔබේ සෞඛ්‍යයට, සම්බන්ධතාවයන්ට සහ ධනයට හානිවෙන්නට පුළුවන් කිව්වොත් ඔබ විශ්වාස කරනවාද ? ඇසට පෙනෙන සහ අතින් ස්පර්ශ කළහැකි දේවල් පමණක් විශ්වාස කරන භෞතිකවාදී අදහස් ඇති පුද්ගලයින් පුරාණයේ සිට පැවත එන ඇතැම් ප්‍රතිකාරයන් සහ පුජාවිධි ක්‍රම පිළිගැනීමට මැලිකමක් දක්වනවා. ලෙමන් සහ දෙහි වල ඇති විශ්මිත සෞඛ්‍යය ප්‍රතිලාභයන් පිළිබඳව ඔබ කොතෙකුත් අසා ඇති. සෞඛ්‍යය සහ රූපලාවන්‍ය ප්‍රතිලාභ වලට අමතරව සුවිශේෂී බලයක්ද දෙහි වලට තිඛෙනවා .  අද නොදුටු ලෝකයෙන් අපි ඔබව දැනුවත් කරන්නේ සුළු පිරිසක් පමණක් විශ්වාස කරන ධනාත්මක සහ ඍනාත්මක ශක්තීන් පිළිබඳවයි. ඔබ නොදැන සිටියාට අහිතකර ශක්තීන් පලවා හරිමින් ආර්ථිකය වැඩිදියුණු කිරීමේ සහ සෞභාග්‍ය උදාකරදීමේ සුවිශේෂී හැකියාවක් දෙහි වලට තිඛෙනවා.

කපාගත් දෙහි ගෙඩි කිහිපයක් නිවසේ තැනින් තැන තැම්පත් කරන්න. එවිට මුළු නිවසම දෙහි සුවඳින් සුවඳවත් වෙන අතර ඒ අවට ඇති අහිතකර ශක්තීන් විනාශ වීමක්ද සිදුවෙනවා. ලෙඩරෝග දුක් කරදර සහ ධනය පරිහානියට පත්කරන එම අහිතකර බලවේග පලවාහැරීම සඳහා ඔබට අවශ්‍ය කරන්න අමු දෙහි ගැට කිහිපයක් පමණයි.

අහිතකර බලවේග උදාසීන කිරීමේ එම හැකියාව කිහිප ගුණයකින් වැඩිකරගන්නේ මෙහෙමයි.

1. නිවසේ ස්ථාන තුනක දෙහි ගෙඩි තුනක් තැන්පත් කරගන්න. එම දෙහි ගෙඩි කහ හෝ කළු පැහැයට හැරුණු පසුව ඉවත්කරගැනීමට මතක තබාගන්න.

2. දෙහි වල ඇති වාෂ්පීය ගුණයෙන් වැඩි ප්‍රතිලාභයක් ලබාගැනීමට අවශ්‍ය නම් දෙහි ලෙලි කිහිපයක් වැසි වතුරෙන් තම්බා ගන්න. වැසි වතුරෙන් තම්බා ගැනීමේදී ඉන් පිටවෙන ජාල වාෂ්පස්වල්පයක් හෝ එකතු කරගෙන බලගතු යන්ත්‍රයක් ඔබටම සකසා ගන්නට පුළුවන්. එය පැළඳ ගත් විට අහිතකර බලවේග වලින් කිසිඳු බලපෑමක් ඔබට එල්ලවෙන්නේ නැහැ. මොකද අහිතකර ශක්තීන් අවශෝෂණය කරගැනීම් සුවිශේෂී හැකියාවක් ඊට තිඛෙනවා.

3. තමන්ගේ රැකියාවට බලපෑම් කරන සතුරු බලවේග වලින් ආරක්ෂාව සලසා ගැනීමට ඔබේ පසුම්බිය තුල හෝ මේසයේ අදින ලාච්චුව තුල දෙහි ගෙඩි තුනක් තැන්පත් කරගන්න.

4. දෙහි යුෂ ස්වල්පයක් වතුර සමග මිශ්‍රකරගෙන නිවස වටේට සහ විශේෂයෙන්ම නිවසේ මුළු වලට ඉසිනවානම් අහිතකර බලවේග පලවා හරින්නට පුළුවන්.

5. පවුලේ සැවොම එකට ඉඳගෙන ආහාර ගනු ලබන මේසය මත දෙහි ගෙඩි තුනකින් සමන්විත වීදුරු හෝ මැටි බඳුනක් තබනවානම් ඔබේ නිවසට ආදරය ආකර්ෂණය වෙනවා.

6. මුළු දවස පුරාවටම ඔබට බලපාපු ඇස්වහ කටවහ දුරු කරගැනීමට නම් දෙහි ගෙඩියක් කතිර හැඩයට කපාගන්න. ඉන් පසුව කුඩා භාජනයක පතුලට රවුමට සිටින ලෙස සහල් හෝ ලුණු අතුරාගෙන ඒ මතට ඉහත ආකාරයට කපාගත් දෙහි ගෙඩිය තැන්පත් කොට නිදාගන්නට පෙර එම බඳුන ඔබේ ඇඳ යටින් තබාගන්න. උදෑසනින් අවදිවී එම දෙහි ගෙඩිය අතින් ස්පර්ශ නොකර ප්ලාස්ටික් බෑගයකට දමා නිවසෙන් එලියට විසි කර දමන්න. දවස් තුනක් එක දිගට මෙය සිදුකලොත් ඉතාමත්ම පැහැදිලි සුභදායක වෙනසක් ඔබට දැකගන්නට ලැබේවි.

මෙම ලිපියෙන් අපි ඔබට ඉදිරිපත් කලේ මිනිසාට හානිකරන අහිතකර බලවේග වලින් ආරක්ෂා වීම සඳහා පුරාතනයේ විසූ පැරැන්නන් අනුගමනය කරනු ලැබූ ඉතාමත්ම සාර්ථක ක්‍රමවේදයකි. එය විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබට බාරයි.

Courtesy :nodutulokaya




More News »