TharunayaSinhala News →Information act revealed on February 3 → 2017-01-11 04:00:00

තොරතුරු දැන ගැනීමේ පනත පෙබරවාරි 3 වනදා ප්‍රකාශයට
2017-01-11 04:00:00
Views : 393

තොරතුරු දැන ගැනීමේ පනත පෙබරවාරි මස 3 වනදා ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක පවසනවා.

එම ගැසට් පත්‍රය ප්‍රකාශ කිරීමෙන් පසු ඕනෑම පුරවැසියෙකුට අවශ්‍ය තොරතුරු රාජ්‍ය ආයතන මගින් ලබාගැනීමට හැකියාව ලැඛෙන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

ඉකුත් අගෝස්තු මස 14 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු තොරතුරු දැන ගැනීමේ පනත ඒකමතික ඡන්දයෙන් සම්මත වුණා.

පනත ක්‍රියාත්මක කිරිම සදහා රාජ්‍ය නිලධාරීන් ඇතුළු පාර්ශව ගණනාවක් දැනුවත් කිරීමට වැඩමුළු පවත්වා ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.

එවැනි වැඩමුළු කිහිපයක් ඉදිරියේදීද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
(under the courtesy of nethfm news web)

    All Stories
Ads here
340 x 60
Rs. 10000/-