උණුවතුර නෑම, දවල්ට නිදා ගැනීම, ඉරුවාරදයට අන්තිම නරකයි

2017-05-16 09:08:00       621
feature-top
ප්‍රශ්නය - පසුගිය සතියේදී අප ඔබ සමඟ කතා කළේ ඉරුවාරදය නමැති ශීර්ෂ රෝගය ගැනයි. මේ රෝගය නිසා පීඩාවට පත්ව සිටින ප්‍රමාණය අති විශාල බව අපට වැටහුණේ එම ලිපිය පළවීමෙන් පසු ලැබන දුරකථන පණිවුඩ සමූහය නිසයි. ඉරුවාරදය තිබෙන රෝගියකු පැවතිය යුතු ආකාරය කුමක්‌ද? ඔවුන් ආහාර විහරණ කළ යුත්තේ කොහොමද?

ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස්‌ - අපි ගනිමු පිත වැඩි කෙනෙක්‌. ඒ කියන්නේ උපතේ සිට ඔහු පිත සහිත කෙනෙක්‌. ඔහුට අම්ල පිත්ත රෝගය තිබෙනවා. නිතර කුසගිනි එනවා. කෑම කෑවහම ඔක්‌කාරෙට එනවා. තෙල් මිරිස්‌ කන්න බැහැ. කුසගිනි ආවහම කන්නම ඕනෑ. මේ අයගේ අග්නිය ගොඩක්‌ වැඩියි. කාපු ගමන් දාල පිච්චිලා යන ගතියක්‌ තිබෙනවා. ඒ වගේ කෙනෙක්‌ තව තවත් උෂ්ණ ආහාර ගත්තොත් මොකද වෙන්නේ? විනාකිරි, අබ වගේ දේවල්, සැර මාලු වර්ග (කුම්බලා, බල, හුරුල්ලෝ) කෑවොත් මොකද වෙන්නේ? ලොකු විනාශයක්‌ වෙන්නේ. ඔහුගේ පිත, අග්නිය, තවත් වැඩි වෙනවා......

ප්‍රශ්නය - තක්‌කලි උෂ්ණ කෑමක්‌ ද?

අචාරය වෛද්‍ය ප්‍රියානි පීරිස්‌ - ඒක වෙන්නේ එය කන අගේ ඇගේ හැටියට. ඒ කියන්නේ ප්‍රකෘතියේ හැටියට. සමහරකුට තක්‌කලි කෑවට ප්‍රශ්නයක්‌ නැහැ. හැබැයි තව සමහරකුට කන්න බැහැ. ඒ වගේම සූර්යාවර්තණය හෙවත් ඉරුවාරදය හැදෙන්නෙත් අදාළ ප්‍රකෘතිය තියෙන කෙනාටයි. එතකොට ඔහු තමන්ගේ ප්‍රකෘතිය සමඟ ගැටෙන ආහාර නොගත යුතුයි. පිත් ප්‍රකෘතිය තිබෙන සමහරකුගේ විදුරුමස්‌ වලින් ලේ යනවා. සීනි ප්‍රකෘතිය තිබෙන උෂ්ණාධික ශරීර තිබෙන අයට ඉරුවාරදය හැදුනාම හුඟක්‌ අමාරුයි. එයා සෙමයි පිතයි දෙකම වැඩිවන දේවල් කරනවා නම් එය සුදුසු නැහැ. අපි හිතමු ඉරුවාරද රෝගියෙක්‌ හවසට ඇවිත් ඇල්වතුර නානවා. මේ නාන්නේ රස්‌නේ මැද්දේ ඉඳලා. එළියේ ඉඳලා ඇවිත්. එතකොට ඉරුවාරදය තවත් වැඩි වෙනවා. සමහරු නිදි මරලා ඇවිත් ඇල්වතුර හෝ උණුවතුර නානවා. එතකොට ඉරුවාරදය තව නගිනවා.

ප්‍රශ්නය - නාන්න සුදුසු කොයි වගේ වෙලාවටද

ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස්‌ - උණුවතුර නෑව නම් ඉරුවාරදය තියෙන කෙනකුගේ නිරෝගිකම කිසිදු ආකාරයකින් ආරක්‍ෂා වෙන්නේ නැහැ. ඇස්‌වලට පවා උණුවතුර හොඳ නැහැ. ඇල්වතුර තමයි ගුණදායක. ඒ කියන්නේ සීතල වතුර නෙවෙයි. ඉර පායලා උදේ 10 ත් දවල් 12 ත් අතර කාලයේදී හටගන්නා පාරිසරික තත්ත්වය යටතේ තිබෙන ඇල්වතුර තමයි ස්‌නානය කළ යුත්තේ. සවස නෑම ඉරුවාරද රෝගියකුට කිසිසේත්ම සුදුසු නැහැ.

ප්‍රශ්නය - හවස නෑම හොඳ නැහැ කියලා මතයක්‌ තිබෙනවා නේද?

ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස්‌ - ඔව් හවස නෑම කාටත් සුදුසු නැහැ. එසේම ඉරුවාරද රෝගියෙක්‌ නිදිමරන එක හොඳ නැහැ. දවල්ට නිදා ගැනීම සුදුසු නැහැ. තවත් කාරණයක්‌ කිව යුතුයි. දවල්ට නාන එක නිරෝගී රෝගී කිසිම කෙනෙකුට සුදුසු නැහැ. දවල් කාලයේ නිදිමතක්‌ ආවොත් ඉන්න පුqටුවෙ තැන්පත් වෙලා විනාඩි පහක්‌ දහයක්‌ ඇස්‌ වහගෙන ඉන්න එක ගැන නෙවෙයි මේ කියන්නේ. සමහරු දවල්ට කාල ඇඳකට නැගලා පැයක්‌ දෙකක්‌ හොඳට නිදා ගන්නවා. සමහරු මේකට කියන්නේ 'නැප්' එකක්‌ දානවා කියලා. විශේෂයෙන් සෙම අමාරුව තියෙන කෙනෙක්‌ දවල්ට නිදා ගෙන අවදි වුණාම ඇඟපතේ ලොකු අමාරුවක්‌ දැනෙනවා. නිරෝගී පුද්ගලයෙක්‌ වුණත් දවල්ට නිදාගෙන ඇහැරුණාම යම් ප්‍රමාණයක අමාරුවක්‌ දැනෙනවා.

ප්‍රශ්නය - ආයුර්වේදයේ හැටියට ඉරුවාරදය සුවපත් කළ හැකි රෝගයක්‌ ද?

ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීsරිස්‌ - මෙය සුව කිරීම අමාරුයි. හැබැයි රෝගියාගේ සහයෝගය වෛද්‍යවරයාට ලැබෙනවා නම් අමාරුවෙන් වුණත් සුව කළ හැකි ලෙඩක්‌. මේක සම්පූර්ණයෙන් ම සුව කරනන්න නම් ඉරුවාරදය හැදුන පුද්ගලයා එම රෝගය හැදුන හේතුවලින් වැළකිය යුතුයි. තමන්ගේ ප්‍රකෘතිය දැනගෙන ඒ සමඟ නොගැටෙන කෑම බීම ගත යුතුයි.

නොමිලේ විස්‌තර
011-5289248/077 7620948

divaina.com

More News »