ගැබ් ගන්න කළින් කරන්න ඕනෙ දේ මෙන්න

2017-03-16 01:46:00       675
feature-top
"වයස අවුරුදු 18-19 තරුණියන් ගර්භනිය මව්වරුන් වීමට ප්‍රථම තමන්ට දියවැඩියාව වලදී ඇත්ද නැත්ද යන්න පිළිබඳව රුධිර පරීක්ෂණයක් කරගැනීම ඉතාම වැදගත් .. "යැයි සෞඛ‍්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය​ ජයසුන්දර බණ්ඩාර මහතා පවසනවා.

" ඔබේ දරුවා ඔබට වටී -ඔබ දෙදෙනා රටට වටී රුධිර පරීක්ෂණයක් මගින් ගර්භණිය සමයේ දියවැඩියාව හදුනා ගන්න " යන මැයින් කොළඹ සෞඛ‍්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පසුගියදා පැවති මාධ්‍ය සම්මන්ත්‍රණයකදී ඒ මහතා ප්‍රකාශ කර තිබෙනවා.
 
මෙහිදී වැඩිදුරටත් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ ,
" අපේ කෙල්ලෝ අවුරුදු 18 වුණ ගමන් තමන්ගේ කොලෙස්ට්‍රෝල්  මට්ටම පරික්ෂ කරගන්න එක හොදයි.
මොකද ඔබ කවදා හෝ ගර්භනිය මවක් වෙනවා.
 
ඒ නිසා ඊට ප්‍රථම තමන්ගේ කොලෙස්ට්‍රෝල්  මට්ටම රුධිර පරීක්ෂාවකින් කරගැනීම වැදගත්. තමන්ට දියවැඩියාව තිබෙනවාද ? නැත්ද කියලා මේ තුලින් දැනගන්න පුළුවන්.
තමන්ට දියවැඩියාව වැලදී ඇත්තම් එය පාලනය කර ගැනීම තුළින් ඔබට නිරෝගී දරුවකු බිහිකිරීමේ හැකියාවක් තිබෙනවා .
 


(under the courtesy of hirunews news web)

More News »