TharunayaSinhala News →Gujarat beat layansṭa → 2016-04-28 09:03:00

ගුජරාට් ලයන්ස්ට තියුණු ජයක්
2016-04-28 09:03:00
Views : 86

ඉන්දීය පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ ඊයේ (27) පැවති තරගයේදී තියුණු ජයක් වාර්තා කිරීමට ගුජරාට් ලයන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම එක් ලකුණකින් පරාජය කරමින්. පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 172 ක් රැස් කළා.

බ්‍රෙන්ඩන් මැකලම් පන්දු 36 කදී ලකුණු 60 ක් රැස් කළා. ඊට හතරේ පහර 6 ක් සහ හයේ පහර 3 ක් ඇතුළත් වුණා.

පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ දිල්ලි කණ්ඩායමට පන්දු වාර 20  අවසානයේ කඩුලු 5 ක් දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 171 ක් පමණයි. කි‍්‍රස්මොරිස් නොදැවී ලකුණු 82 ක් රැස් කළා. ඒ පන්දු 32 කදීයි. ඊට හතරේ පහර 4 ක් සහ හයේ පහර 8 ක් ඇතුළත් වුණා.

(under the courtesy of nethfm news web)

    All Stories
Ads here
340 x 60
Rs. 10000/-