TharunayaSinhala News →Figure has been reduced by 10 kg weight in a week GM Diet Plan is unique → 2016-07-14 02:04:00

සතියක් තුල බර කිලෝ 10කින් අඩු කර  ගන්න මෙන්න අපූරු GM Diet Plan එකක්
2016-07-14 02:04:00
Views : 7643

ශරීරයේ බර වැඩිවීම යනු වර්තමානයේ කාන්තා පිරිමි භේදයකින් තොරව බොහෝ දෙනා පීඩා විඳින තත්වයක්. කාර්ය බහුල ජීවන රටාව නිසා හුරු වී ඇති නොගැලපෙන ආහාර පුරුදු, ව්‍යායාම මදකම ආදී තත්වයන් බොහොමයක් මෙයට බලපානවා.බොහොමයක් දෙනා මේ තත්වය ආහාර පාලනය කිරීමෙන් විසඳා ගැනීමට බලාපොරොත්තු වුවත් එයින් සාර්ථක ප්‍රතිඵල ලබාගන්නා අය සිටින්නේ ඉතා අතළොස්සයි.  නිසියාකාර දැනුමකින් හා අවබෝධයකින් තොරව ආහාර පාලනය කිරීමට යාම මෙයට හේතුවයි.


සිය සේවකයන් මුහුණ දෙන බර වැඩිවීමේ ගැටළුවට විසඳුමක් ලෙස ඨැබැර්ක ඵදඑදරි ආයතනය විසින් ඇමරිකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ  තවත් ආයතන කිහිපයක් සමග එක්ව කළ පර්යේෂණ වලින් පසු හඳුන්වා දුන් සතියක කාලයක් උදෙසා වූ ආහාර පාලන සැලසුම මේ වන විට ලොව සෑම  රටකම පාහේ අතිශය ජනප්‍රිය වී තිඛෙනවා. ඒ එයින් ලැඛෙන සාර්ථක ප්‍රතිඵල නිසාමයි. මෙම ආහාර පාලන සැලසුම සතියක් පුරාවට අනුගමනය කිරීමෙන් බර 8නට - 10නට අතර ප්‍රමාණයකින් අඩු කරගැනීමට හැකි බව නිසැකයෙන්ම කිව යුතුයි. දැන් අප් බලමු සතියේ එක් එක් දවස තුළ ඔබ ගත යුත්තේ කුමන වර්ගයේ ආහාර ද කියා.

පළමු දිනය

පළමු දිනයේදී ඔට කෙසෙල් හැර අන් ඕනෑම පලතුරු වර්ගයක්, ඕනෑම ප්‍රමාණයකින් ආහාරයට ගත හැකියි. දිනය පුරාම ඔබ ගත යුත්තේ පලතුරු වර්ග පමණයි. ඒ සමගම වතුර  වීදුරු 8-10 අතර ප්‍රමාණයක් ද පානය කළ යුතුයි. වැඩියෙන් පැණි කොමඩු හා ඇපල් ආහාරයට ගැනීම මෙහෙදී ඉතාම ප්‍රයෝජනවත් වන බවත් කිව යුතුයි.

දෙවන දිනය

දෙවන දිනයේදී පලතුරු වෙනුවට ඔබ ආහාරයට ගත යුත්තේ එළවලු වර්ග පමණයි. පිසින ලද හෝ අමුවෙන් සකස් කරගත් එළවලු ආහාරයට ගත හැකියි. ඒ අතරට තම්බන ලද අර්තාපල් බටර් සමග මුසු කර ආහාරයට එකතු කරගත හැකියි.  එමගින් ඔබේ සිරුරට අවශ්‍ය ශක්තිය මෙන්ම පෝෂණ සංඝටකද නොඅඩුව ලබා ගත හැකියි.

තෙවන දිනය

දැන් ඔබට කෙසෙල් හා අර්තාපල් හැර අනෙක් ඕනෑම එළවළුවක් හෝ පලතුරු වර්ගයක් ආහාරයට ගත හැකියි. එලවරු හා පලතුරු යන දෙවර්ගයම සම සමව ආහාරයට ගත යුතුයි.

සිව්වන දිනය

මෙතෙක් ආහාරයට නොගත් කෙසෙල් ආහාරයට ගැනීම සිව්වන දිනයේදී කළ යුතුයි. ඒ සමගම කිරි පානය කිරීමද අනිවාර්යයයි. පෙර දිනවලදී ඔබට නොලැබුණ පොටෑසියම් සහ සෝඩියම් මෙමගින් ඔබට ලබා ගත හැකියි.

පස්වන දිනය

පස්වන දිනයේදී හරක් මස්, කුකුල් මස් වැනි මස් වග්රගයක් තමයි ආහාරයට ගත යුත්තේ. ඒ ආහාර වේල්වලට තක්කාලි ද හැකිතරම් එක්කර ගත යුතුයි. යකඩ සහ ප්‍රෝටීන සිරුරට අවශෝෂණය වීම මෙහිදී සිදුවනවා.

සය වන දිනය

මස් ආහාරයට ගන්නා අතරම තක්කාලි වෙනුවට වෙනත් ඔබ කැමති ඕනෑම එළවලු වර්ග කිහිපයක් ආහාරයට ගැනීම සය වන දිනයේදී කළ යුතුයි. ඔබ කැමති ඕනෑම ප්‍රමාණයක් ආහාරයට ගත හැකියි.  මෙහෙමන ප්‍රථම දිනය හා සසඳා බැලීමේදී සය වන දිනය වන විට ඔබේ සිරුරේ කැපී පෙනෙන වෙනසක් සිදුවී ඇති ඔබ ඔබට දැකගත හැකියි.

සත් වන දිනය

අවසන් දිනයේදී බත්, එළවලු ඇතුළු ඔබ කැමති ආහාරයක් ගැනීම කළ හැකියි. නමුත් ඒ අතරට පලතුරු යුෂද එක් කර ගැනීම අනිවාර්යයෙන් කළ යුතුයි.

ඔබ ඉහත සඳහන් ආකාරයට ආහාර පාලනය කිරීම සිදු කලේ නම් ඉතා සාර්ථක ප්‍රතිපල ලැබීම සහතිකයි. මේ සෑම දිනයකදීම ජලය අවශ්‍ය තරම් පානය කළ යුතු අතර තේ, කෝපි, සෝඩා වැනි පානයන් ද  ඒ  අතරට එක් කර ගත හැකියි.

සතියකින් පසු කළ යුත්තේ කුමක්ද?

ආහාර පාලනය කිරීමට පෙර ඔබ ගත් සුපුරුදු ආහාර වේලට එළවලු, පලතුරු වැඩිපුර එක්කර ගන්නා අතරම දිනකට අවම විනාඩි 10ක්වත් ශාරීරික ව්‍යායාම සිදු කළ යුතුයි.

අතුරු ආබාධ තිඛෙනවාද?

මුල් දින තුනේදී මස් පිඩුවල දුබලතාව, දැඩි පිපාසය සහ සුළු හිසරද තත්වයක් ඇති විය හැකියි. ඒ මෙම ආහාර පාලන සැලැස්ම සිරුරට හුරු වීමට යම් කාලයක් ගත වන නිසා. එදිනෙදා වැඩ කටයුතු ඒ ආකාරයෙන්ම කිරීම මගින් සහ වැඩිපුර ජලය පානය කිරීමෙන් මෙම තත්වයන් මග හරවා ගත හැකියි.

විශේෂ අවධානය යොමු විය යුතු කරුණු

ඔබ දියවැඩියාව වැනි රෝගාබාධ වලින් පෙළෙන්නේ නම් මෙම ආහාර පාලන සැලසුම අනුගමනය කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි.

slviki.net


    All Stories

Ads here
340 x 60