උදෑසන අවදි වූ සැනින් සුදු ළුණු  බික් දෙකකි කටේ දවිමා ගෙන විනාඩි 30ක් හප හප ඉන්න

2016-05-05 11:26:00       667
feature-top
සුදු ළුණු කියන්නේ විශේෂයෙන්ම හදවත හා රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිතව හට ගන්නා අධි රුධිර පීඩනය , කොලොස්ටරෝල් , හදවත් රෝග , පපුවේ අමාරු , රුධිර නාලිකා සිහින් වීම වැනි රෝග වර්ග ගණනාවකින් ඔබව ආරක්ෂා කරන බලසම්පන්න විෂබීජ නාශකයක්. සුදු ළුණු සතුව ඇති ඉහත රෝග සුව කිරීමේ හැකියාව විද්‍යාව මගින්ද සනාථ කරලා තියෙනවා. වෙන වෙනම කතා කලොත් ්එයැරදිජකැරදිසි නමින් ඉංග්‍රීසි භාෂාවෙන් හැදින්වෙන රුධිර නාලිකා සිහින් වීමේ රෝගය වර්ධනය වීමේ වේගය මන්දගාමී කිරීමට සුදු ළුණු වලට හැකියාව තියෙනවා. ඒ වගේම අධි රුධිර පිඩනය යම් තරමකට පාලනය කිරීමේ හැකියාවද සුදු ළුණු සතුයි. සමහරක් පුදගලයන් මහා බඩවැලේ ඇතිවන පිළිකා ගුද මාර්ගයේ ඇති වන පිළිකා , ආමාශයේ ඇති වන පිළිකා , පියයුරු පිළිකා , පුරස්ථි ග්‍රන්ථි පිළිකා හා පෙනහළු පිළිකා වලින් වැලකි සිටීමට සුදු ළුණු භාවිතා කරනවා

අතීතයේ සිටම සුදු ළුණු වලින් අපේ ශරීරයට ලැඛෙන ගුණ ගැන අප දැන සිටි නිසා සුදු ළුණු අපේ ආහාර වලට එක් කර ගැනීමට අප පුරුදුව සිටියා. නමුත් අද ඔබට විශ්ම ලෝකය තුලින් කියලා දෙන්න යන්නේ චීන්නු සුදු ළුණු වල තිඛෙන විශ්මිත රෝග නැසීමේ ගුණය ඔවුන්ගේ ශරීරයට එකතු කර ගත්තු විදිය. මෙම ක්‍රමය චීන ඉතිහාසයේ එදා පටන්ම පැවත එන දෙයක්. චීන මිනිසුන් උදේ පාන්දර තමයි මේ වැඩේ කරේ. ඒ කියන්නේ උදේ අවදි වූ සැනින් ඔවුන් සුදුළුණු බිකක් හෝ දෙකක් කටේ දා ගෙන විනාඩි 30ක් පමණ ගත වන තුරු එය හප හප ඉන්න පුරුදු වෙලා හිටියා. ඒ මගින් සුදු ළුණු බික් මගින් ලැඛෙන වටිනා සෞඛයම ප්‍රතිලාභ මුඛයේ කේටය හරහා රුධිර වාහිනී වලට එකතු වෙනවා. ඉන්පසු එමගින් සමස්ත ශරීරයේම විෂබීජ නාශනය කරන්න පටන් ගන්නවා .

විනාඩි 30 අවසන් වූ පසු සුදු ළුණු හපය කටින් ඉවත් කර දත් මදින්න. ඉන් අනතුරුවද සුදු ළුණු මගින් ඇති කරන අප්‍රසන්න සුවද ඔබේ කටින් වහනය වෙනවා නම් ඔබට කරන්න වැඩ කිහිපයක් තියෙනවා. කුරුදු කැල්ලක් , කාරබු නැට්ටක් වැනි යමක් කටේ දමා හැපිම තුලින් මේ දුර්ගන්දය ඉතාම සුළු කාලයක් තුල නැති කර ගන්න පුළුවන්.

ඇත්තටම මෙමගින් සුදු ළුණු සතු සියලු රෝග නැසීමේ පෝෂණ සංගටක ශරීරයට හොදින්ම උරා ගැනීම සිදුවෙනවා. ඒසේ වීමට හේතුව නම් විනාඩි 30 ක් පමණ කාලයක් යොදා ගැනීමෙන් මුඛය හරහා එහි සියලු ශක්තිය ශරීරයට හොදින් අවශෝෂණය කර ගැනීමයි.

මෙම ක්‍රම වේදය මගින් අප ශරීරයට ලැඛෙන වාසි

ඔබේ ශරීරය තුල ඇති සියලු විෂබීජ නාශනය කර සිරුර පිරිසුදු කරනවා

වකුගඩු වල සෞඛ්‍ය තත්වය උසස් කරනවා

ඔබේ සිරුරේ ප්‍රතිශක්තිකරන හැකියාව වර්ධනය කරනවා

සම පිරිසිදු කර නිරෝගී කරනවා

ශ්වාස නාලිකා ප්‍රදාහ තත්වන්ට සුවයක් සලසනවා. ඒ කියන්නේ ඔබ දැනට ගොඩක් සිකරට බොන කෙනෙක් නම් මේ ප්‍රතිකාරය ඔබට ගොඩක් හොද එකක් වේවි

කල්ගියකැස්ස වැනි තත්වයන් සුව කරනවා

වකුගඩු ගල් ඉවත් කර ගන්නත් සහාය වෙනවා

එහෙනම් යාලුවනේ මෙම ඉපැරණි චීන ක්‍රමවේදය දිනපතාම උදෑසන අවදි වූ සැනින් කරන පුරුද්දක් බවට පත් කර ගන්න. එවිට ඔබට ලෙඩ රෝග වලින් තොරව නිරෝගිව ඉන්න හැකියාව ලැබේවි.

Courtesy : Wishmaya.com

More News »