TharunayaSinhala News →England 279 runs in the first day Lakhani → 2016-06-10 09:04:00

එංගලන්තය පළමු දිනය නිමවනවිට ලකුණු 279යි
2016-06-10 09:04:00
Views : 100

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන 3 වන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමු දිනය නිමාවන විට එංගලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 279 ක් ලබා සිටියා.

ආරම්භක පිතිකරු අලෙස්ටෙයාර් කුක් ලකුණු 85 ක් රැස් කළා. කෙසේවෙතත් ඉන්පසු පිටියට පිවිසි පිතිකරුවන් සිව් දෙනෙකු අඩු ලකුණු සංඛ්‍යාවකට දැවි ගියා. 6 වන පිතිකරුවා ලෙස පිටියට පිවිසි ජොනී බැරිස්ටෝ එංගලන්ත ඉනිම යළි ගොඩනගමින් ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.

දිනය නිමාවනවිට නොදැවී කඩුල්ලේ රැඳී සිටි බැරිස්ටෝ ලකුණු 107 ක් රැස්කර තිබුණා. අනෙක් අන්තයේ නොදැවී කී‍්‍රඩා කළ කි‍්‍රස් වෝර්කස් ලබාසිටි ලකුණු සංඛ්‍යාව 23 ක්. සුරංග ලක්මාල්, නුවන් ප‍්‍රදීප් සහ රංගන හේරත් කඩුලූ 2 ක බැගින් බිද හෙලනු ලැබුවා.
(under the courtesy of nethfm news web)

    All Stories
Ads here
340 x 60
Rs. 10000/-