TharunayaSinhala News →Common wedding C'wealth Secretary of State meets → 2017-01-11 02:49:00

මංගල පොදු රද මඬුලු රාජ්‍ය ලේකම් හමුවෙයි
2017-01-11 02:49:00
Views : 540

බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක නිරත විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා එරට විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලයීය කටයුතු පිළිබද රාජ්‍ය ලේකම් බොරිස් ජොන්සන් මහතා හමුවී තිබේ.

 ලන්ඩන්හි බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලයීය කාර්යාලයේදී මෙම හමුව සිදුවු බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

 දෙරට අතර වෙළෙදාම හා ආයෝජන කටයුතු තවදුරටත් වර්ධනය කිරීම සම්බන්ධයෙන් මෙම හමුවේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව සඳහන්ය.

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව අත්කර ගනිමින් සිටින  ප්‍රගතිය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා එහිදී බ්‍රිතාන්‍යය විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලයීය කටයුතු පිළිබද රාජ්‍ය ලේකම්වරයා දැනුවත් කර තිබේ.
(under the courtesy of adaderana news web)

    All Stories