මුත්‍රාශයේ ගල් සහ පිත්තාශයේ ගල්

2017-04-18 09:42:00       737
feature-top
මුත්‍රා ගල් ඇතිවීම සහ පිත්තාශය ආශ්‍රිතව ගල් ඇතිවීම වර්තමානයේ ජනතාව අතර ඉතා සුලබ රෝගී තත්ත්වයක්‌ බවට පත්ව ඇත. එසේ වුවත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළින් ඒ සඳහා ඉදිරිපත් කර ඇති අති සාර්ථක ප්‍රතිකාර නිසා බොහෝ රෝගීන් එම ප්‍රතිකාර ක්‍රමවලට යොමු වීමෙන් තම රෝගී තත්ත්වයන් නිරෝගී කර ගැනීමට සමත්ව ඇත. ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමවල පවතින විශ්මිත බව සහ මුත්‍රාගල් මෙන් ම පිත්තාශය ආශ්‍රිතව හටගන්නා ගල් පිළිබඳවද විද්‍යානුකූලව දැනුමක්‌ අවබෝධයක්‌ ලබා ගැනීම ඉතා වැදගත් යෑයි අප තීරණය කළ අතර ඒ පිළිබඳව ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා සමඟ කළ පිළිසඳරක තොරතුරු මෙම ලිපියෙන් නැවත පාඨකයන් දැනුවත් කිරීමට මෙසේ පළ කරන්නෙමු.

මිනිසාගේ මෞත්‍ර ලිංගික පද්ධතිය ආශ්‍රිත රෝග තත්ත්ව ගණනාවක්‌ වර්තමානය වන විට දැක ගැනීමට හැකි අතර මුත්‍රා දැවිල්ල, මුත්‍රා මාර්ගයෙන් රුධිරය පිටවීම, මුත්‍රාශය ආශ්‍රිත ප්‍රදේශවල ඇති වන දැඩි වේදනාව මෙන් ම මුත්‍රා ගල් ද ඒ අතර ප්‍රධාන තැනක්‌ හිමිකර ගනු ඇත. ආයුර්වේදයට අනුව මෙසේ හටගන්නා ගල් මුත්‍රා අශ්මරී ලෙස හඳුන්වනු ලබන අතර මීට අමතරව ශුක්‍ර අශ්මරී ලෙස ශුක්‍රාණු පහවීමෙන් ඇතිවන රෝග තත්ත්ව මෙන්ම පිත්තාශය ආශ්‍රිතව ඇතිවන ගල් පිත්ත අශ්මරී ලෙසින් ද හඳුන්වනු ලැබේ.

මෞත්‍ර ලිංගික පද්ධතිය ආශ්‍රිතව මෙවැනි ගල් ඇතිවීමට බලපාන හේතු පිළිබඳව දැනුවත් කළොත්...

අධික වශයෙන් මාංශ ආහාරයට ගැනීම මේ සඳහා බලපාන ප්‍රධාන හේතුවක්‌ වශයෙන් හඳුන්වා දිය හැකි අතර හරක්‌ මස්‌ අනුභවය මේ සඳහා ප්‍රධානවම බලපානු ඇත. තවද උෂ්ණාධික ආහාර ගැනීම, අධික දහදිය පිටවන ක්‍රියාකාරකම් සිදු කිරීමේදී ප්‍රමාණවත් තරමට ජලය පානය නොකිරීමද මෙම රෝගී තත්ත්වය ඇතිවීමට හේතුවනු ඇත. මුත්‍රා සහ ශුක්‍ර වේග ධාරණයත් මෙම රෝගී තත්ත්වයට බලපාන තවත් හේතුවක්‌ ලෙස දැක්‌විය හැකිය. මෙම රෝගී තත්ත්ව ඇතිවීමේදී රෝගියා මුහුණ දෙන අපහසුතා ගැන සඳහන් කළොත්...

මුත්‍රා ගල් ඇතිවූ විට මුත්‍රා පිටකිරීම ඉතාම අපහසු තත්ත්වයට පත් වන්නේය. අධික වේදනාව ඇතිවීම මෙන් ම එම වේදනාව තුනටිය ප්‍රදේශයෙන් පටන්ගෙන කලවා සහ ඉකිලි ප්‍රදේශය දක්‌වා ගමන් කරන වේදනාවක්‌ බවට පත් වන්නේය.

ගල් හටගැනීමේ වැඩි ප්‍රවණතාවක්‌ පිරිමි පාර්ශ්වයට ඇති අතර ඔවුන්ගේ අණ්‌ඩකෝෂ එල්ලා වැටීම, තුනටිය ප්‍රදේශයේ එක්‌ පැත්තක දැඩි වේදනාවක්‌ ඇතිවීම ද සිදු වන්නේය.

බඩ දැවිල්ල, නිතර උගුරට ඒම, කලවාවල සිට පාදවල පහළ ප්‍රදේශ දක්‌වා හිරිවැටීමේ ස්‌වභාවයක්‌ ඇතිවීම ද සිදුවිය හැකි අතර ඒවා මෞත්‍ර ලිංගික පද්ධතියයෙන් පිටතට වේදනාවල් විහිදෙන තත්ත්වයක්‌ ලෙස ද හැඳින්විය හැකිය.

මීට අමතරව මුත්‍රා පිටකිරීම ආශ්‍රිතවද රෝග ලක්‍ෂණ ඇතිවිය හැකිය. එහිදී තද කහ පැහැයෙන් මුත්‍රා පිටවීම හෝ මුත්‍රා සමඟ රුධිරය පිටවීම දැකගත හැකිය. කෑම ගැනීමේ අපහසුතාව ශරීරය වෙව්ලන ස්‌වභාවයකට පත්වීම ද දැකගත හැකිය. තවද ශුක්‍ර නාළ අවහිර වීමෙන් විවිධ පීඩාවන් ඇති කරනු ලැබේ. ශුක්‍රාණු ඝනවීම නිසා ඇතිවන ස්‌ඵටික ශුක්‍ර නාලවල සිරවී ශුක්‍රාණු පිටකිරීමේ අපහසුතා ඇති වීමෙන් මෞත්‍ර ලිංගික පද්ධතිය පීඩාවට පත් කරයි. තවද රෝගීන්ගේ මුත්‍රා මාර්ගය හරහා ගල් පිටවීමද සිදුවිය හැකිය.

මුත්‍රා මාර්ගය හරහා ගල් පිටවීමේදී ඇතිවන අපහසුතා ගැන සඳහන් කළොත්...

මෙසේ පිටවන ගල්වල තියුණු බව නිසා මුත්‍රා මාර්ගය සීරීම්වලට ලක්‌වීමට ඉඩ තිබේ. මෙය ඉතා අධික වේදනාවක්‌ ඇතිවන අවස්‌ථාවක්‌ වන්නේය. මෙසේ මුත්‍රා මාර්ගය තුවාල වීම නිසා ඇතැමුන්ට මුත්‍රා සමඟ රුධිරය පිටවීමක්‌ ද වන්නේය. ඊට අමතරව මුත්‍රා මාර්ගය ඉදිමීම මෙන් ම ලිංගය ආශ්‍රිතව දැඩි වේදනාවක්‌ ඇතිවීම ද සිදු වන්නේය. ඇතැමුන්ට මුත්‍රා කිරීමේ අවශ්‍යතාවක්‌ ඇතිවූවත් මුත්‍රා පිට නොවීම මෙන් ම ස්‌වල්ප වශයෙන් පිටවීම ද බොහෝ දුරට දැකගත හැකි වේ.

පිත්තාශයේ ඇතිවන ගල් පිළිබඳව පැහැදිලි කළොත්...

මෙහිදී උදරයේ දකුණු පැත්තේ ඇතිවන වේදනාවන් පිටකොන්ද ප්‍රදේශය දක්‌වා පැතිරීමක්‌ සිsදුවේ. එවැනි රෝගීන්ට තුනටිය ප්‍රදේශය ආශ්‍රිතව කැක්‌කුමක්‌ ඇති නොවේ. මෙම රෝගී තත්ත්වය වැඩිපුර දකින්න ලැබෙන්නේ කාන්තාවන් අතරය. ඇතැම් විට පිත්තාශය තුළ හටගන්නා මෙම ගල් පිත්ත නාලය ඔස්‌සේ පහළ බඩවැල දක්‌වා ගමන් කරනු ලැබේ. ඇතැම් විට එලෙස පැමිණෙන ගල් අවහිර වුවහොත් රෝගියාට විවිධාකාර පීඩාකාරී තත්ත්වයන්වලට මුහුණදීමට සිදු වේ. ශරීරය ශීත කිරීම, වමනය, වෙව්ලීම, පිත උගුරට පැමිණීම වැනි පීඩාවන් ඇතිවිය හැකිය.

මෙලෙස පිත්තාශයේ ගල් ඇතිවීමට හේතු වන්නේ...

ආහාර ජීර්ණයේ දී සිදුවන විෂමතාවන් හා වැරැදි ආහාර ක්‍රම පිත්තාශයේ ගල් ඇතිවීමට මූලිකම හේතු ලෙස හැඳින්විය හැකියි. විශේෂයෙන් ම විරුද්ධ ආහාර ගැනීමෙන් මේ තත්ත්වය උග්‍ර අතට පත්වේ. තව ද මෙම වැරැදි ආහාර ගැනීමෙන් ඇතිවන රසායනික සංයෝගයන්ගේ ප්‍රතිඵලයක්‌ ලෙස හටගන්නා ඔක්‌සලේට්‌ පදාර්ථ මේ සඳහා දැඩි බලපෑම් සිදු කරයි. උදාහරණ ලෙස තක්‌කාලි සමඟ හාල්මැස්‌සන් ආහාරයට ගැනීමෙන් ඔක්‌සලේට්‌ පදාර්ථ ඇතිවීම සිදු වෙයි.

මෙවැනි රෝග සඳහා ඇති ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම මොනවාද?

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව නැවත මෙම ගල් ඇතිවීමට හේතුවක්‌ වන්නේ ආහාර ජීර්ණයේ දී ඇතිවන යම් යම් දුර්වලතාවන්ය. එම දුර්වලතාව බැහැර කර ඉතා හොඳින් ආහාර ජීර්ණය පහසුවන පරිදි ජීර්ණ පද්ධතිය සකස්‌ කිරීම ආයුර්වේද ප්‍රතිකාර මගින් සිදුකළ හැකිය. එවැනි වෛද්‍ය ක්‍රමයක්‌ භාවිත කිරීමෙන් නැවත මුත්‍රාගල් ඇතිවීම මෙන් ම අතුරු ආබාධ ඇතිවීම ද සිදු නොවේ. වකුගඩු ඉතා හොඳින් මුත්‍රා පෙරීමේ කටයුතු මෙන් ම පිත්තාශයේ පවතින සියලු අක්‍රමිකතා ද දුරුවී යනු ලැබේ.

වර්තමාන සමාජයේ බුද්ධිමත් විමර්ශනශීලී සියල්ලන්ම පාහේ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම පිළිබඳව ඉතා විශ්වාසයෙන් යුතුව සිටියද මෙම වෛද්‍ය ක්‍රමයන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය සොයා කපා කොටා සකසාගෙන කසාය තැම්බීම සහ වෙනත් ඖෂධ පිළියෙළ කර ගැනීම නිසියාකාරයෙන් සිදු කර ගැනීමට අපහසුවීම නිසා මෙම විශිෂ්ට වූ වෛද්‍ය ක්‍රමයට අවතීර්ණ නොවේ. නමුත් ඕනෑම පුද්ගලයකුට ඉතා පහසුවෙන් ලබාගත හැකි ලෙස අප කසාය, ගුලි, කල්ක වර්ග, චූර්ණ නිෂ්පාදනය කර ඇති නිසා දැන් කිසිම අපහසුවකින් තොරව ආයුර්වේදය කෙරෙහි යොමුවීමෙන් රෝගී ජනතාවට තම රෝග නීරෝග කර ගැනීමට හැකියාව පවතින බවද අප සඳහන් කරන්න කැමැතියි.

More News »