TharunayaSinhala News →Ban than let Po stimulator grades ban → 2016-06-09 09:12:00

තහනම් උත්තේජකයෙන් ෂරපෝවාටත් තහනමක්
2016-06-09 09:12:00
Views : 297

ලොව  අංක එකේ හිටපු ටෙනිස් ක්‍රීඩිකාවක වන රුසියානු ජාතික මාරියා ෂරපෝවා (29) තහනම් උත්තේජක චෝදනාවකට ලක්ව තිබේ.

 පසුගිය ජනවාරියේ නිමාවට පත්වූ ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේදී ඇයගෙන් ලබාගත් මුත්‍රා සාම්පලවල එම  තහනම් උත්තේජක සංඝටක ඇතුළත් බව පරීක්ෂණවලින් තහවුරු විය.

ඒ අනූව එහි වගකීම ෂරපෝවා විසින් බාරගෙන තිබේ.

මෙහි ප්‍රතිඵලයක් ලෙස මාරියා ෂරපෝවාට වසර 2ක තරඟ තහනමක් පැනවීමට ජාත්‍යන්තර ටෙනිස් සම්මේලනය කටයුතු කර තිබේ.

තහනම් උත්තේජකයක් බව පැවසෙන එකී ඖෂධය තමන් 2006 වසරේ සිට භාවිතා කරන බවත්, ඒ හදවත් රෝගයක් සඳහා බවත් පවසා ඇති ඇය 2016 ජනවාරී 01 වැනිදා එය තහනම් උත්තේජකයක් බවට නම්කර ඇති බවද සඳහන් කරයි.
 
කෙසේ වුවද ජගත් ටෙනිස් සම්මේලනය ගනු ලැබූ අදාළ තීරණයට එරෙහිව ඇයට අභියාචනයක් කිරීමට හැකියාව පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
(under the courtesy of adaderana news web)

    All Stories
Ads here
340 x 60