TharunayaSinhala News →Another suspect in the attack in Paris → 2016-04-09 09:12:00

පැරිස් නුවර ප්‍රහාරයේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට
2016-04-09 09:12:00
Views : 223

ප‍්‍රංශයේ පැරිස් නුවර ඉකුත් වසරේ සිදුවූ ප‍්‍රහාර මාලාවේ තවත් ප‍්‍රධාන පෙළේ සැකකරුවෙකු වන මොහොමඞ් අබ්රිනී බෙල්ජියම් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බෙල්ජියම් හි බ‍්‍රසල්ස් නුවර ද ඉකුත් දා ප‍්‍රහාරයක් සිදුවුණා. ඊට සම්බන්ධ බව කියන පුද්ගලයෙකු බ‍්‍රසල්ස් ගුවන් තොටුපොළෙන් ඉවතට යන ආකාරය සී.සී.ටීවී දර්ශනවලින් හඳුනාගැනුණු බවයි විදෙස් වාර්තා පවසන්නේ. ඒ අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම පුද්ගලයා මොහොමඞ් අබ්රිනී බවට පසුව හඳුනා ගැනුණා.

ප‍්‍රංශයේ පැරිස් නුවර සිදුවූ ප‍්‍රහාර මාලාවෙන් මියගිය සංඛ්‍යාව 130කට වැඩියි.
(under the courtesy of nethfm news web)

    All Stories

Ads here
340 x 60