ආතරයිටීස්‌ සන්ධි ආශ්‍රිතව ඇතිවන වේදනාකාරී තත්ත්වයකි
රෝගය ඇතිවිට සන්ධ්‍යා කාලයේ ස්‌නානය නුසුදුසුය

2017-04-25 09:53:00       693
feature-top
සන්ධි ප්‍රදාහය (ආතරයිටීස්‌) බොහෝවිට සන්ධි ආශ්‍රීතව ඇතිවන වේදනාකාරී තත්ත්වයකි.

මෙහි ප්‍රභේද ලෙසින් රුමටොයිඩා ආතරයිටීස්‌ සහ ඔස්‌ටියෝ ආතරයිටීස්‌ ප්‍රධාන ලෙසින් හඳුනාගත හැක.

මෙහිදී කුඩා සන්ධි ආශ්‍රිතව (ඇඟිලි පුරුක්‌ වැනි ස්‌ථාන) ඇතිවන ප්‍රදාහික තත්ත්වය රුමටොයිඩා ආතරයිටිස්‌ ලෙස සරලව හැඳින්විය හැකි අතර වැඩිපුර දණහිස්‌ වැනි සන්ධි ආශ්‍රීතව ඔස්‌ටියෝ ආතරයිටීස්‌ ඇතිවීම බහුලව දැකිය හැක.

මෙහිදී එම සන්ධි ආශ්‍රීතව වේදනාව, ඉදිමුම එම ස්‌ථානයේ උණුසුම් ගතිය, රතු පැහැ භාවය දක්‌නට ලැබීම මඟින් රෝගය හඳුනාගත හැක. තවද එම ස්‌ථාන ඇඟිල්ලෙන් තද කළ විට ඉක්‌මණින් යථා තත්ත්වයට පත්වෙනවා නම් එයද රෝග ලක්‍ෂණයක්‌ ලෙසින් පෙන්වා දීමට පුළුවන

මෙවැනි රෝගීන්ට ආහාර විහරණ වෙනම තිබේ. පොදුවේ ගත් කළ සීතල ජලය සේවනය, ශීත කළ ආහාර පාන, සන්ධ්‍යා කාලයේ ස්‌නානය නුසුදුසුය.

මේ සඳහාද ප්‍රතිකාර ලෙස ඉතා සාර්ථක වීන කටු ප්‍රතිකාර ක්‍රම තිබේ. පළමුව රෝගියාගේ වේදනාව සමනය කිරීම සඳහා වේදනා නාශක නිල ස්‌ථාන භාවිත කරන අතර ප්‍රදාහික තත්ත්වය සහ රෝගය පාලනයට චීන කටු චිකිත්තාව යොදා ගැනේ. මෙම චිකිත්සා ක්‍රමය නිසි පරිදි කාලයක්‌ භාවිත කිරීම මඟින් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක.

චීනකටු ප්‍රතිකාර සමඟම භෞත චිකිත්සීය ප්‍රතිකාරද යොදා ගැනීම තුළින් රෝගියා සම්පූර්ණයෙන් සුව අතට පත්කර ගැනීමේ හැකියාව ඇත.

divaina.com

More News »