මල්කැකුළු 12කට අපරාධ කළ අලී, එල්ලා මරයි

2018-10-18 06:31:00       750
feature-top
අද (17) අළුයම ඔහුව ලාහෝරයේ Kot Lakhpat බන්ධනාගාරයේදී එල්ලා මරාදමා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. මෙම අවස්ථාවට මරා දමනු ලැබූ දැරිය ගේ පියා හා ඥාතීන් සහභාගී වී ඇත.

ජනවාරි 04 දා අතුරුදහන් වූ සය හැවිරිදි සෙනබ් දැරියගේ මළසිරුර ඊට දින 5කට පසුව කසළ බැහැර කරන ස්ථානයක තිබී හමුවිය.

මෙම සමයේදී කසුර් නගරයේ සිදුවූ ළමා දූෂණ හා ඝාතන පෙළ සම්බන්ධයෙන් එරට පොලිසියේ මන්දගාමී ක්‍රියාකාරිත්වයට එරෙහිව ජනතාව විසින් විරෝධතා පවත්වා තිබුණි.

කෙසේවෙතත්, DNA පරීක්ෂණ ඔස්සේ ඉම්රාන් අලී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. සෙනබ් දැරියගේ අසල්වාසියෙකු වූ මොහු ගේ DNA, සෙනබ් දැරියගේ සිරුරෙන් ලබාගත් DNA සාම්පල් පමණක් නොව තවත් මෙලෙසම කෲර ලෙස දූෂණය කර මරාදැමූ තවත් දැරියන් 07කට වැඩි පිරිසක සිරුරු වලින් ලද DNA සාම්පල් වලට සමාන විය.

පෙබරවාරි මාසයේදී ඔහුට මරණ දඬුවම හිමිවූ අතර, මීට එරෙහිව ඉදිරිපත් කරන ලද අභියාචනා මෙන්ම ජනාධිපති සමාවක් සඳහා කළ ඉල්ලීමක් ද ප්‍රතික්ෂේප විය.

(මූලාශ්‍ර : බීබීසී / පකිස්තානයේ දි එක්ස්ප්‍රස් ට්‍රිබියුන්)

(under the courtesy of asianmirror.lk news web)

More News »