කුරුලෑ කැළැල් සදහටම මකාදමන විශ්මිත ස්වභාවික ප්‍රතිකාරයක් මෙන්න

2016-05-03 02:14:00       664
feature-top
කුරුලෑ සහ කුරුලෑ කැළැල් හේතුවෙන් පීඩා විඳින බොහෝ දෙනෙක්ට මෙය ඉතාමත්ම වටිනා ලිපියක් බවට පත්වේවි. ඇතිවී තිඛෙන එම කුරුලෑ කැළැල් නැති කරගැනීම සඳහා අහිතකර රසායනික ද්‍රව්‍ය සහිත ආලේපන වර්ග භාවිතා කිරීමට බොහෝ දෙනෙක් පුරුදුව සිටිති. එවැනි නිෂ්පාදන වලින් යම් ප්‍රතිපලයක් ලැබුනත් රසායනික වර්ග පිරී පවතින නිසා බලාපොරොත්තු නොවූ ආකාරයේ අතුරු අබාද ඇතිවෙන්නට ඉඩ තිඛෙනවා. වාසනාවකට කුරුලෑ කැළැල් සාර්ථකව සුවකරගැනීම සඳහා භාවිතා කරන්න පුළුවන් සියයට 100ක් ස්වභාවික සහ ආරක්ෂික ප්‍රතිකාරයන් බොහොමයක් තිඛෙනවා. අද නොදුටු ලෝකයෙන් අපි ඔබව දැනුවත් කරන්නේ ඔබ මෙතෙක් නොදැන සිටි එවැනි ප්‍රතිකාරයක් පිළිබඳවයි.

මෙම පහත ප්‍රතිකාරය කෙතරම් සරලද යත් එය සකස් කරගැනීම සඳහා ඔබට අවශ්‍ය කරන්නේ අමුද්‍රව්‍ය 3ක් පමණයි. වෙළඳපොලේ ඇති රසායනික ද්‍රව්‍ය වලින් බහුල ආලේපන වර්ග හා සසඳා බලන විට මෙය ඉතාමත්ම ආරක්‍ෂිත ක්‍රමවේදයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

අවශ්‍ය කරන ද්‍රව්‍ය

ලෙමන් යුෂ මේස හැඳි 4
මීපැණි මේස හැඳි 4
සුදු බිත්තර මද 1

සැකසීමට උපදෙස්

කුඩා බඳුනක් ගෙන සියලුම අමුද්‍රව්‍ය ඊට එකතුකොට ආලේපනයක් බවට පත්වෙන තුරු හොඳින් කලවම් කරගන්න. එලෙස සකසාගත් මිශ්‍රණය කුරුලෑ කැළැල් ඇති ස්ථානයේ ආලේපකොට මිනිත්තු 20ක් පමණ තිඛෙන්නට ඉඩහරින්න. පසුව උණුසුම් ජලයෙන් සෝදා හරින්න. කුරුලෑ කැළැල් වලට පමණක් නොවෙයි ශරීරයේ අනෙකුත් ස්ථානයන් වල ඇතිවී තිඛෙන කැළැල් සඳහාත් මෙම ප්‍රතිකාරය ඔබට භාවිතා කරන්නට පුළුවන්.

මෙම ප්‍රතිකාරය සඳහා අමුද්‍රව්‍ය තෝරා ගැනීමේදී ස්වභාවික අමුද්‍රවයම භාවිතා කිරීමට මතක තබාගන්න.

මාසයක් පුරාවට දිනපතා මෙම ප්‍රතිකාරය සිදුකරන විට එහි ප්‍රතිපල දකින ඔබ පුදුමයට පත්වේවි. ඔබේ මුහුණ වෙනදාට වඩා තරුණ වී ඇති බවක්ද ඔබට දැනේවි. එම ප්‍රතිකාරය භාවිතා කොට ඔබේ අත්දැකීම අපි සමග ඛෙදාගන්නට අමතක කරන්න එපා.

Courtesy : nodutulokaya


More News »