මැතිවරණ කොමිසම ඡන්ද පත්‍රිකා මුද්‍රණයට දැනුම් දෙයි

Jun 01, 2020 08.51am
feature-top
මහා මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ නිල දැනුම්දීම මැතිවරණ කොමිසම විසින් රජයේ මුද්‍රණාලයාධිපති වෙත ඉකුත් 27 දා නිකුත් කර තිබේ. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ අත්සනින් යුතු ව නිකුත් කර ඇති එකී දැනුම් දීමේ ලිපිය මඟින්, මුද්‍රණය කළ යුතුසාමාන්‍ය ඡන්ද පත්‍රිකා සහ ද්විත්ව ඡන්ද පත්‍රිකා සංඛ්‍යාවමුද්‍රණාලයාධිපතිවරයා දැනුම්වත් කර ඇත.

එකී දැනුම්දීම කර ඇත්තේ සාමාන්‍ය ක්‍රියාපිළිවෙත අනුව බවත් එය මැතිවරණයට පූර්ව සූදානම් වීමක් බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා “දිනමිණ“ කළ විමසුමක දී ප්‍රකාශ කළේ ය. කෙසේ වෙතත් මැතිවරණය පැවැත්වීම ගැන දින වකවානු තීරණය වන්නේ අධිකරණයේ විභාග වන නඩුවෙන් පසු ලැබෙන තීන්දුව අනුව බව ද සමන් ශ්‍රී රත්නායක මහතා පැවැසීය.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »