වෙඩි තිබ්බේ ගෝඨාභයගේ උපදෙසින් බව කියන්න කිව්වා - වැලිකඩ සිද්ධිය

May 29, 2020 09.41am
feature-top
හිටපු වැඩ බලන බන්ධනාගාර කොමසාරිස් දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමට කියයි

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන්ට වෙඩි තැබීමේ සිද්ධිය මෙහෙය වූයේ එවකට ආරක්ෂක ලේකම්වරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත බවට පවසන්නැයි විවිධ මාර්ගයන් ඔස්සේ තමන්ට පණිවුඩ ලැබුණු බව හිටපු වැඩබලන බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා මහතා ඊයේ (28) පැවැසීය.

තමන් එවැනි ප්‍රකාශයක් එදා සිදු කළා නම් වසරකුත් දින ගණනාවක් තමන්ට බන්ධානාගාර ගත ව සිටීමට සිදු වන්නේ නැතැයි ද ඒ මහතා කීවේ ය.

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට ඊයේ (28) පැමිණි අවස්ථාවේ මාධ්‍යට අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටිියේ ය.

රාජක්ෂවරුන් එක් ව එදා ත්‍රස්තවාදයෙන් රට බේරා ගත් සේ ම කොවිඩ් වසංගතයෙන් රට බේරා ගැනීමට අද කටයුතු කරන බව පැවැසු එමිල් රන්ජන් මහතා, රටට ආදරය කරන පුද්ගලයකු ලෙස තමා එදා බොරු ප්‍රකාශ නොකර රාජපක්ෂවරු ආරක්ෂා කිරීමට කටයුතු කිරීම ගැන අද සතුටට පත් වන බව ද ප්‍රකාශ කළේ ය.

එදා මෙම සිද්ධිය වූ අවස්ථාවේ දී කමිටු තුනක් පත් කරනු ලැබූ බවත් ඒ කිසිඳු අවස්ථාවක තමාගෙන් ප්‍රකාශයක් ලබා නොගත් බවත් යහපාලන රජය බලයට පත් වූ පසු තමන්ව මාරු කළ බවත් කීවේ ය.

කිසිම අවස්ථාවක වැරදිකරුවකු වී නොසිටි තමාව අධිකරණ නියෝජ්‍ය ඇමැතිවරයා බන්ධනාගාරයේ නීරීක්ෂණ චාරිකාවකට පැමිණි දාම මාරු කර යැවූ බව පැවැසූ ඒ මහතා මේ ගැන සොයා බැලීමට යහපාලන රජය පත් කළ නම්බුවසම් කොමිසමේ සාමාජික නීතීඥ එස්.කේ.ලියනගේ මහතා මාධ්‍ය වැඩසටහනකට පැමිණ මේ කැරැල්ල මෙහෙයවූයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත යැයි ප්‍රකාශ කළ බවත් කීවේ ය.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »