කොරෝනා ආසාදිතයින් ගණන 869 දක්වා ඉහළට

May 12, 2020 08.43am
feature-top
තවත් කොවිඩ්-19 ආසාදිතයින් 6 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
 
මෙම ආසාදිතයින් ගාල්ල කරාපිටිය රෝහලෙන් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 869ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 
එලෙස වාර්තා වූ කොරෝනා ආසාධිතයින් නාවික හමුදා සෙබළුන් බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා පැවසීය.
 
මේ වන විට මෙරට කොරෝනා ආසාධිත රෝගීන් 343 දෙනෙක් සුවය ලබා ඇති අතර රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 517කි.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »