ගාල්ල නගරයේ කඩසාප්පු පෙලක ගින්නක්

May 05, 2020 08.32am
feature-top
ගාල්ල නග‍රයේ ඇති කඩ සාප්පු පෙලක ඊයේ(04) රාත්‍රී 9 ට පමණ ඇති වූ ගින්නක් හේතුවෙන් කඩ සාප්පු 08 කට හානි සිදුව ඇතැයි පොලිසිය පවසයි.
 
ගාල්ල පොලීසිය, ගාල්ල නගර සභා ගිනි නිවීමේ ඒකකය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිමා දමා තිබේ.
ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැත.
 
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන් හා ගාල්ල පොලීසිය එක්ව වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »