මම වැඳලා කිය­න්නම් අපේ ආණ්ඩුව බේරලා දෙන්න

Feb 13, 2020 09.15am
feature-top
රන්ජන් ගිහාන්ට පැවසූ බව දිලීප අධි­ක­ර­ණ­යට කියයි

රන්ජන් මාධ්‍ය සන්ද­ර්ශන දානවා

සැක­කරු 26තෙක් යළි රිමාන්ඩ්

‘මම වැඳලා කිය­න්නම් අපේ ආණ්ඩුව බේරලා දෙන්න‘යනු­වෙන් මහා­ධි­ක­රණ විනි­සුරු පිල­පි­ටිය මහ­තාට දුර­ක­ථ­න­යෙන් රංජන් රාම­නා­යක මහතා ඉල්ලා ඇති බව රජයේ රස පරී­ක්ෂ­ක­ව­රයා විසින් එවන ලද සන්දේ­ශ­යක් සහ සිද්ධි­යට අදාළ වැඩි­දුර වාර්තා­වක් ඉදි­රි­පත් කර­මින් දිලීප පිරිස් මහතා අධි­ක­ර­ණ­යට ඊයේ (12) දැනුම් දුන්නේය.   

රන්ජන් රාම­නා­යක මහතා සැක­ක­රු­වකූ ලෙස සිටි­මින් මාධ්‍ය සංද­ර්ශන පව­ත්ව­නවා. ඔහු මන්ත්‍රි­ව­ර­යෙක් වුනත් මේ වන­විට සැක­ක­රු­වෙක්. බන්ධ­නා­ගාර නිල­ධා­රීන් ඉදි­රියේ මාධ්‍ය දුටු පම­ණින් බස් රථ­යෙන් ඔලුව පිට­තට දම­මින් අද­හස් පළ කර­නවා. මේ වර­ප්‍ර­සාද කාටද තිබෙන්නේ. හෙට වන­විට පාතාල නායක මාක­ඳුරේ මධූෂ්, කංජි­පානි ඉම්රාන් පවා මෙහෙම අද­හස් පළ කරාවී. යැයිද දීලිප පිරීස් මහතා ඇප ලබා­දී­මට විරෝ­ධය පළ කර­මින් අධි­ක­ර­ණය කියා සිටි­යේය.   

පාර්ලි­මේන්තු මන්ත්‍රී රන්ජන් රාම­නා­යක මහතා සම්බ­න්ධ­යෙන් කළ ඇප ඉල්ලීම ප්‍රති­ක්ෂේප කළ නුගේ­ගොඩ අති­රේක මහේ­ස්ත්‍රාත් එච් යූ කේ පැල්පොල මහතා සැක­කාර මන්ත්‍රී­ව­රයා ලබන පෙබ­ර­වාරි මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගාර ගත කරන ලෙස නුගේ­ගොඩ මහේ­ස්ත්‍රාත් එච් යූ කේ පැල්පොල මහතා ඊයේ 12 නියෝග කළේය.   

දීර්ඝ කරුණු දැක්වී­මක් සිදු කර­මින් සැක­කාර මන්ත්‍රී­ව­ර­යාට ඇප ලබා දෙන ලෙස ජනා­ධි­පති නීතිඥ නෙවිල් අබේ­රත්න මහතා ප්‍රමුඛ නීතිඥ මඩුල්ල ඕනෑම කොන්දේ­සි­යක් මත ඇප ලබා දෙන ලෙස අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම ප්‍රති­ක්ෂේප කළ අති­රේක මහේ­ස්ත්‍රාත් වරයා සැක­කාර මන්ත්‍රී­ව­රයා ලබන 26 වනදා දක්වා තව­දු­ර­ටත් රක්ෂිත බන්ධ­නා­ගාර ගත කරන ලෙස නියෝග කළේය.   

සිද්ධි­යට අදා­ළව දුර­ක­ථන සමා­ග­ම්ව­ලින් ලබා­ගත් තොර­තුරු ඔස්සේ දුර­ක­තන හඩ පට­ව­ලට අදා­ළව ඒවා අව­ස්ථා­නු­කූ­ලව ගල­ප­මින් පුළුල් විම­ර්ශ­න­යක් ආරම්භ කර ඇති බවත් සැක­ක­රුට ඇප ලබා­දු­න­හොත් සාක්ෂි­ව­ලට සහ සාක්ෂි­ක­රු­වන්ට බල­පෑම් එල්ල විය හැකි බවත් අධි­ක­ර­ණ­යට දැනුම් දුන් රජයේ අති­රේක සොලි­සි­ටර් ජෙන­රාල් දිලීප පීරිස් මහතා සැක­ක­රුට ඇප ලබා දීමට විරෝ­ධය ප්‍රකාශ කරන බව අධි­ක­ර­ණය හමුවේ දීර්ඝ කරුණු දැක්වී­මක් සිදු කර­මින් කියා සිටි­යේය.   

සිද්ධිය සම්බ­න්ධ­යෙන් රජයේ රස පරී­ක්ෂ­ක­ව­රයා විසින් එවන ලද සන්දේ­ශ­යක් සහ සිද්ධි­යට අදාළ වැඩි­දුර වාර්තා­වක් ඉදි­රි­පත් කර­මින් දිලීප පිරිස් මහතා මෙම කරුණු අධි­ක­ර­ණය හමුවේ කියා සිටි­යේය.   

කට­හඩ පරී­ක්ෂාව සිදු කිරීම ඉකුත් පෙබ­ර­වාරි මස 7 වනදා රජයේ රස පරී­ක්ෂ­ක­ව­රයා වෙත සැක­කරු ඉදි­රි­පත් කළා. දුර­ක­තන සමා­ග­ම්ව­ලින් ලද තොර­තු­රු­ව­ලට අනුව විම­ර්ශන සිදු කර­මින් පව­ති­නවා. මෙම සිද්ධි­යට සම්බන්ධ විනි­සු­රු­ව­රුන් තිදෙනා වන විශ්‍රා­ම­ලත් මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රි­යක වන පද්මිණී රණ­වක, වැඩ තහ­න­මට ලක්ව සිටින මහා­ධි­ක­රණ විනි­සුරු ගිහාන් පිල­පි­ටිය, මහේ­ස්ත්‍රාත් ධම්මික හේම­පාල යන මහ­ත්ව­රුන් සහ සැක­කාර රන්ජන් රාම­නා­යක මහතා අතර 2015 සිට 2019 දක්වා දුර­ක­තන සංවාද 63 පවත්වා තිබෙ­නවා. එම දුර­ක­තන පව­තින නඩු කෘත­ව්‍ය­යන් සම්බ­න්ධ­යෙන් සාකච්ඡා කර තිබෙ­නවා. රන්ජන් රාම­නා­යක මහතා ‘මම වැඳලා කිය­න්නම් අපේ ආණ්ඩුව බේරලා දෙන්න‘ යනු­වෙන් මහා­ධි­ක­රණ විනි­සුරු පිල­පි­ටිය මහ­තාට දුර­ක­ථ­න­යෙන් දැනුම් දුන් අව­ස්ථාවේ ඊට විනි­සු­රු­ව­රයා පිළි­තුරු දෙන හඩ­පට මාධ්‍ය­ය­න්වල පළ වුණා. දුර­ක­තන සංවාද ආකාර දෙකක් ඔස්සේ විශ්ලේ­ෂ­ණය කර­නවා. දුර­ක­තන සමා­ග­ම්ව­ලින් ලද තොර­තුරු වාර ප්‍රමා­ණ­යන් හඩ­පට සමඟ සංස­න්ද­නා­ත්ම­කව සලකා බැලෙ­නවා. 2008 වසරේ සිට අස්වා­භා­වික දුර­ක­තන සංවාද පටි­ගත කරීම් සැක­කාර මන්ත්‍රි­ව­රයා සිදු කර තිබෙ­නවා. සන්නි­වේ­දන ආය­ත­න­යක් දුර­ක­ථන සමා­ග­මක් වගෙයි දුර­ක­තන පටා­ගත කිරීම් ඔහු කර තිබෙන්නේ. ක්ලෝන කිරීම සිදු කර වාර්තා­වක් එවන ලෙස රජයේ රස පරී­ක්ෂ­ක­ව­ර­යාට දැනුම් දෙන්න. මැලේ­ෂි­යා­වෙන් හොංකොං රාජ්‍ය­යෙන් අදාළ දෘඩ තැටි ගෙන්වී­මට සිදූ වුණා. මේ හා සැදි නඩු­වට රාජ්‍ය ආර­ක්ෂක අමා­ත්‍යාං­ශ­යෙන් වාර්තා­වක් කැඳවා තිබෙ­නවා. ඇම­තුම් 10 ක් පමණ වීඩියෝ පටි­ගත කිරීම් ඇති බවට සැක කර­නවා. විනි­සු­රු­ව­රුන් තිදෙනා සහ හිටපු අල්ලස් කොම­සා­රි­ස්ව­රිය දුර­ක­තන සංවාද සම්බ­න්ධ­යෙන් පුළුල් විම­ර්ශන සිදු කර­නවා. මෙම විනි­ස­රු­ව­රුන් සමග දීර්ඝ සංවා­ද­යන් පවත්වා ඇති බවට විම­ර්ශන අනා­ව­ර­ණය කර තිබෙ­නවා. ගිහාන් පිල­පි­ටිය මහතා සමග යෙදී ඇති දුර­ක­තන සංවාද සම්බ­න්ධ­යෙන් විම­ර්ශන සිදු කළ ආකා­ර­යෙන්ම අනෙ­කුත් විනි­සු­රු­ව­රුන් සම්බ­න්ධ­යෙන් ද පව­තින පර්වේ­ශ­නීය සාක්ෂි මත විම­ර්ශන සිදු කර­නවා. රන්ජන් රාම­නා­යක මහතා සැක­ක­රු­වකූ ලෙස සිටි­මින් මාධ්‍ය සංද­ර්ශන පව­ත්ව­නවා. ඔහු මන්ත්‍රි­ව­ර­යෙක් වුනත් මේ වන­විට සැක­ක­රු­වෙක්. බන්ධ­නා­ගාර නිල­ධා­රින් ඉදි­රියේ මාධ්‍ය දුටු පම­ණින් බස් රථ­යෙන් ඔලුව පිට­තට දම­මින් අද­හස් පළ කර­නවා. මේ වර­ප්‍ර­සාද කාටද තිබෙන්නේ. හෙට වන­විට පාතාල නායක මාක­දුරේ මතක් කංජි­පානි ඉම්රාන් පවා මෙහෙම අද­හස් පළ කරාවී. මෙය අති­ශය සංකීර්ණ විම­ර්ශ­න­යක්. දුර­ක­තන සිම්පත් ඉල්ලා සිටි­නවා. නව සිම්පත් නිකුත් කළ පම­ණින් පැරණි සිම්පත අක්‍රිය වෙනවා. සිම්පත පර්වේ­ශ­නීය සාක්ෂි­යක්. ඔහු මේ වන­වි­ටත් මුහුණු පොත වූ ටියුබ් එකේ සැරි­ස­ර­නවා. එහි වීර­යෙකු වීමට උත්සාහ ගනි­මින් සිටි­නවා. මොහුගේ ක්‍රියා­ක­ලා­පය සාක්ෂි­ක­රු­වන් පසු­බැ­ස්ස­වී­මට සිදු­වෙ­නවා ඔවුන්ට තර්ජ­න­යක් බල­පෑ­මක් වෙනවා. මේ තත්ත්වය නොදැක්කා සේ සිටී­මට බැහැ. ඔහු අප­රා­ධ­මය වර­දක් සිදු කර ඇති අයෙක්. ඔහුට ඇප ලබා දීමෙන් විම­ර්ශන අඩාළ විය හැකියි.   

රන්ජන් රාම­නා­යක මහතා එම හඬ ඔහුගේ නොවන බවට මුල් දිනයේ අධි­ක­ර­ණ­යට කියා සිටියා.   

විම­ර්ශ­න­යට අදාළ වැඩි­දුර වාර්තා ඉදි­රි­පත් කර­නවා. ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව ප්‍රකා­රව සාක්ෂි­ක­රු­වන්ට හා සාක්ෂි­ව­ලට බල­පෑම් කිරී­මට විත්ති­කරු ඇප ලබා දුන­හොත් කට­යුතු කරාවි. එම නිසා ඇප ලබා දීමට විරෝ­ධය ප්‍රකාශ කර­නවා.   

විත්ති­කරු වෙනු­වෙන් කරුණු දැක්වූ ජනා­ධි­පති නිතිඥ නෙවිල් අබේ­රත්න මහතා මෙලෙස අද­හස් දැක්විය.   

මෙම සිද්ධි­යට රන්ජන් රාම­නා­යක මහතා වර­ද­ක­රු­වකු වුව­හොත් නීතිය ප්‍රකා­රව දඩු­වම වන්නේ වස­රක සිර­ගත කිරී­මක් සහ දඩ මුද­ලක් නියම කිරී­මයි. මේ වන­වි­ටත් ඔහු දඩු­ව­මෙන් දොල­හෙන් එකක් දින 30 රක්ෂිත භාරයේ සිටියා. මෙම වරද ඇප ලබා දිය හැකි වර­දක්. මහා­චාර්ය ජී එල් පීරිස් මහතා පාර්ලි­මේ­න්තු­වට ඇප පනත ඉදි­රි­පත් කළේ ඇප කොන්දේසි ලිහිල් කිරී­ම­ටයි. ඕනෑම කොන්දේ­සි­යක් මත හෝ සැක­ක­රුට ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටි­නවා.   

රජයේ අති­රේක සොලි­සි­ටර් ජෙන­රාල් දිලීප පීරිස් මහතා-   

ජනා­ධි­පති නීති­ඥ­ව­රයා ඉදි­රි­පත් කළ නීති­මය කරුණු හා හබ කරන්නේ නැහැ. ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 111-1 වග­න්තිය අධි­ක­ර­ණය කොයි­ත­රම් උත්ත­රී­ත­රද පූජ­නී­යද කියා සද­හන් වෙනවා. මෙය අධි­ක­ර­ණයේ උත්ත­රී­ත­ර­භා­වය ආරක්ෂා කිරීම පිළි­බද ප්‍රශ්න­යක්. වර­දක් කළ අයකු මන්ත්‍රි­ව­ර­යකු හෝ වෙනත් අයකු ලවා ආරක්ෂා වීමක් සිදු වන බව සමා­ජ­යට යාම සුදුසු නැහැ. නිද­හස් අධි­ක­ර­ණ­යක් තිබිය යුතුයි. එවි­ටයි අධි­ක­ර­ණයේ ගෞර­වය රැකෙන්නේ. ඇප පනතේ බ්ලැන්කට් එකක් දාලා ඕනෑම කෙනෙක් ආවාම ඇප දෙන්න කියා දන්වා නැහැ. සාකි­ෂි­ක­රු­වන්ට සාක්ෂි­ව­ලට යුක්තිය ඉෂ්ට වීමේදී බාධා සිදු විය හැකියි.මගේ ලග හඩ­පට තිබෙ­නවා. ඒවා එළි­යට දානවා කියා සාක්ෂි කරු­වන්ට බල­පෑම් කරාවී. මම ඔහු කළ ප්‍රකා­ශ­යක් දුටුවා. මේක ලැජ්ජා සහ­ගත වේද­නා­ත්මක සිදු­වී­මක්. අධි­ක­ර­ණයේ ගෞර­වය ආරක්ෂා කරන්න නිල­ධා­රීන් ලෙස අපි බැඳී සිටි­නවා. අධි­ක­ර­ණයේ ස්වාධී­න­ත්වය, ගෞර­වය ආරක්ෂා කරන්න බර­ප­තළ ලෙස සිතා කට­යුතු කළ යුතුය. සියලු කරුණු සැල­කි­ල්ලට ගත් මහේ­ස්ත්‍රාත් වරයා සැක­කාර මන්ත්‍රි­ව­රයා ලබන 22 දක්වා තව­දු­ර­ටත් රක්ෂිත බන්ධ­නා­ගාර ගත කිරී­මට නියෝග කළේය.   

පැමි­ණිල්ල වෙනු­වෙන් රජයේ අති­රේක සොලි­සි­ටර් ජෙන­රාල් දිලීප පීරිස් මහතා, රජයේ ජ්‍යෙෂ්ඨ අධි­නී­තිඥ ජනක බණ්ඩාර මහතා, කොළඹ අප­රාධ කොට්ඨා­සයේ ස්ථානා­ධි­පති නෙවිල් ද සිල්වා යන මහ­ත්ව­රුන් අධි­ක­ර­ණයේ පෙනී සිටි­යේය.   

විත්ති­කරු වෙනු­වෙන් ජනා­ධි­පති නීතිඥ නෙවිල් අබේ­රත්න, ජ්‍යෂ්ඨ නීතිඥ වසන්ත රණ­සිංහ, ආශා කහ­වත්ත උදුල් ප්‍රේම­රත්න යන මහත්ම මහ­ත්මීන් ඇතුළු නිතිඥ මඩු­ල්ලක් අධි­ක­ර­ණයේ පෙනී සිටි­යහ.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »