අද සිට සතියක් පුරා ජාතික ධජය ඔසවන්න

Feb 01, 2020 08.54am
feature-top
72වැනි ජාතික නිදහස් සමරුම නිමිත්තෙන් අද (01) සිට සතියක් පුරා සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතන ගොඩනැගිල්ලකම ජාතික ධජය ඔසවා තබන ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දෙයි.

එසේම 03 වැනිදා සහ 04 වැනිදා සියලු රාජ්‍ය ආයතන විදුලි ආලෝකයෙන් සරසන ලෙස ද අමාත්‍යාංශය රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

මෙවර පැවැත්වීමට නියමිත 72වැනි නිදහස් දින ජාතික උ‍ළෙලේ ත්‍රිවිධ හමුදා සහ පොලිස් ආචාර පෙළපාළිය සඳහා නිලධාරීන් 7,267ක් සහභාගී වන බවත්, සංස්කෘතික කණ්ඩායම්වල ශිල්පීන් 451 දෙනකු සහභාගී වන බවත්, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති මහින්ද සමරසිංහ මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පෙරේදා (30) පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

තානාපති නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් 2,000ක් සඳහා මේ අවස්ථාවට සහභාගිවීම සඳහා ආරාධනා පත් යවා ඇති බව ද 1,000ක පමණ ජනතාවකට ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩා භූමියේ සිට ආචාර පෙළපාළිය නැරැඹීමට අවස්ථාව සලසා ඇති බවද රාජ්‍ය ඇමැතිවරයා එහිදී සඳහන් කළේය.

මෙහි දී අදහස් දැක්වූ ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා අදහස් දක්වමින් යුද හමුදාවේ 3,376ක්, නාවික හමුදාවේ 799ක්, ගුවන් හමුදාවේ 847ක්, පොලිසියේ 596ක්, විශේෂ කාර්ය බළකායේ 327ක්, සිවිල් ආරක්ෂක බළකායේ 385ක් සහ ජාතික ශිෂ්‍ය භට බළකායෙන් 385ක් මෙවර ආචාර පෙළපාළිය නියෝජනය කිරීමට නියමිත බව සඳහන් කළේය.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »