අඟුලනේ පිහිටි රසායනික කර්මාන්ත ශාලාවක ගින්නක්

Nov 22, 2019 10.22am
feature-top
කටුබැද්ද, අඟුලාන හංදිය ප්‍රදේශයේ පිහිටි මහල් 04කින් සමන්විත ගොඩනැගිල්ලක හදිසි ගින්නක් ඇති තිබේ.
 
රසායනික ද්‍රව්‍ය ගබඩාවක් සහ ටයර් අළෙවි සැලක් මෙම ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගොස් ඇති බව සදහන් වේ. අද(22) අළුයම 3.15ට පමණ මෙම ගින්න හටගෙන ඇත.
 
ගින්න නිවීම සදහා මොරටුව, දෙහිවල - ගල්කිස්ස සහ කොළඹ යන ගිනි නිවීම් ඒකකවලින් ගිනි නිවීමේ රථ එවා තිබේ. ගිනි නිවීම් රථ 14 ක් ගින්න නිවීම සදහා යොදා ගැනෙන බව සදහන් වේ.
 
ගින්නට හේතුව තහවුරු කර ගැනීම සදහා විමර්ශන ක්‍රියාත්මක අතර මොරටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »