ප්‍රදේශ රැසකට අදත් වැසි

Oct 24, 2019 09.21am
feature-top
කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කර ඇති වාර්තා අනුව අද (24) ප්‍රදේශ කිහිපයකට වැසි බලාපොරොත්තු විය හැකිය.

ඒ අනුව විශේෂයෙන් බස්නාහිර, වයඹ සහ උතුරු පළාත්වලත් කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු වේ.

බස්නාහිර, වයඹ, උතුරු, දකුණු සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථාන වලට මි.මී.100ට වැඩි තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බව ද සදහන් වෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකිය. තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද වාර්තා වල වැඩිදුරටත් සදහන් වෙයි.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »