ඇමැති සජිත් එජාපෙ සුළු පක්ෂ නායකයන් අද හමුවෙයි

Sep 14, 2019 09.48am
feature-top
එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලු සුළු පක්ෂ නායකයන් සහ ඇමැති සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් අද (14) පැවැත්වේ. ඉදිරි ජනාධිපතිවරණයට මුහුණදීම සහ එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ සුළු පක්ෂ මැතිවරණයට මුහුණ දෙන ආකාරය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබේ.

ඉකුත් අඟහරුවාදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැති සාකච්ඡාවලින් පසු මෙලෙස සුළු පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට තීරණය කරනු ලැබීය.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »