බෝරාවරුන්ගේ පැමිණීමෙන් කෝටි 1000ක ආදායමක්

Sep 14, 2019 09.48am
feature-top
කොළඹ කේන්ද්‍ර කර ගනිමින් පැවැත් වූ බෝරා සමුළුවට සහභාගි වූ සංචාරකයන්ගෙන් ශ්‍රී ලංකාවට රුපියල් කෝටි දහසකට වැඩි ආදායමක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපති කිෂු ගෝමස් මහතා පැවැසීය.

බෝරාවරුන්ගේ ගෝලීය සමුළුව හේතුවෙන් කොළඹ හෝටල් සහ සුඛෝපභෝගී මහල් නිවාසවල මිල ගණන් සියයට 20 සිට 80 දක්වා ඉහළ ගිය බව ද ඔහු කීවේය.

ප්‍රධාන හෝටල් ඇතුළු කොළඹ හෝටල්වල කාමර 3000කට අධික ප්‍රමාණයක බෝරාවරුන් රැඳී සිටි බවත්, මේ වන විටත් ඔවුන්ගෙන් පිරිසක් තවමත් සංචාරක හෝටල්වල නතර වී සිටින බවත් කිෂු මහතා අවධාරණය කරයි.

රටවල් 40කට වැඩි ප්‍රමාණයකින් බෝරා සාමාජිකයන් 21,000කට අධික පිරිසක් මෙහි පැමිණි බවත්, සමුළුව නිමවීමෙන් පසු මේ පිරිස් ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රදේශ වෙත ගොස් සංචාරක පහස විඳගනිමින් සිටින බවත් කිෂූ මහතා පැවැසීය.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »