සරසවි අන්‍යධ්‍යයන සේවකයින් දෙදිනක වැඩ වර්ජනයක්

Aug 27, 2019 10.44am
feature-top
හෙට (28) සහ අනිද්දා (29) යන දෙදින තුළ වැඩ වර්ජනයක නිරතවීමට විශ්වවිද්‍යාල අන්‍යධ්‍යයන සේවකයින් තීරණය කර ඇත.
 
ඒ , රාජ්‍ය සේවකයින්ට සාපේක්ෂව තමන්ගේ ද වැටුප් වැඩි කරන ලෙස බලකරමින්.
 
විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත සඳහන් කළේ වෘත්තීය සමිති 24 කට අයත් 16,000 කට ආසන්න අන්‍යධ්‍යයන සේවක පිරිසක් මෙම වැඩ වර්ජනයට එක්වීමට නියමිත බවයි.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »